කාලයක් මම ආසම පාට වෙලා තිබුනේ රෝස... දෑන් කියන්න එපා රෝස කියන්නේ ගෑහෑණු ලමයිනේ පාටක් කියලා... ඔව් රෝස කියන්නේ ගෑහෑනු ලමයී ආස කරන පාටක් තමයී . එක නිසානේ එයත් රෝස පාටට ආස කරන්න ඈත්තේ. ගොඩක් ම වෙලාවට එයා ඈන්දේ රොස පාටට හුරු ඈදුම් පෑලදුම් , එ හෑරුනම පාවිච්චී කරපු පෑන්සල් පෙටිටිය , කුඩේ , පොත්වලට දාපු පිටකවර හිටන් රොස පාටට හුරු ඒවා . විහිලුවක් කරලා පොඩ්ඩක් කෙන්ති ගස්සපුවමත් එයාගේ සුදු පාට කම්මුල් රොස පාටට හෑරෙනවා. රෝස පාට උන කම්මුල් දීහා ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන් ... එ තරම් සුන්දරයී .
එත් අද වෙනකොට , රෝස පාට අතීතයට එක්වුන සුන්දර මතකයක් විතරයී. ගොඩක් කාලෙකින් එයාව මට මුන්ගෑහිලා නෑහෑ. තාමත් එ සුන්දර සීනාවත් එක්ක එයා සතුටින් ඈති කියලා හිතනවා. අදටත් මම Highlighter එකක් ගත්තොත් ගන්නේ රෝස පාට එකක්. එතකොට පාඩම් කරන හෑම වෙලේම එයාගේ මතකයත් ආවර්ජනය කරගන්න පුලුවන්. අතිතය සුන්දර මතකයක් උනාට , හෑමදාමත් එ අතීතයට මම ආදරේයී.... කවදාවත්ම අමතක කරන්න බෑරී වෙයී....
රොස පෑහෑ අතීතයට පෙම්කරන මම අදට නවතින්නම්....
(කියන්න බෑරී උනා ... ඔය දාලා තියන රෝස මල අපේ වත්තෙ පිපුන එකක් ... )
1 comments:
රෝස පාට සුන්දර අනාගතයකට මගෙන් සුභ පැතුම්. අර වත්තේ පිපුණු මල හැබෑම ලස්සනයි.
Post a Comment