Wednesday, December 30, 2009

2010 ට පෙර...




ලියනවා කියලා හිතාගෙන හිටියට හෑමදාම මොනවහරි මගුලක් නිසා ලියන්න බෑරිවෙනවා. මේ දවස් ටිකේම ගමන් බිමන් ටිකක් වෑඩියෙන් තිබුන නිසා ටිකක් කාර්යබහුල තත්වයක් ඈතිවෙලා තිබුනේ . හරී එ කතාව පෑත්තකින් තියමුකෝ , හරියටම තව දවසයී පෑය කිහිපයකින් 2010 වසරත් උදාවෙනවා. එ කියන්නේ මේක තමයී 2009 වසරේ මම ලියන අන්තිම බ්ලොග් සටහන.

කොහොම හරී 2009 අවුරුද්දත් ඉක්මනටම ගෙවිලා ගියා. ඈගට දෑනුනෙවත් නෑහෑ. ගොඩක් දේවල් ඉක්මනටම වෙනස් වුනා. බොහෝ දුරට නෙමේ 100% ක්ම සාර්ථක වුනු අවුරුද්දක් කියලා කියන්නත් පුලුවන්. කොහොම උනත් හෑම දේම වෙන්නේ හොදටනේ !

වෑඩිය දිගට නෑතිව කිව්වොතින්. 2009 අවුරුද්ද පටන්ගන්න කලින් ඉදන්ම තමයී මම කොළඹ ගාටන්න පටන්ගත්තේ. කොලඹ කිව්වට හුවයී පිමී දෙකයී දුරින් ඈති කොල්ලුපිටියට. එතනින් තමයී 2009 අවුරුද්ද පටන්ගත්තේ. 2008 A/L කරලා ප්‍රතිපල එන්නත් කලින් තමයී මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයට ගාටන්න පටන් ගත්තේ , එතන ඉදන් තමයී මම කොලඹ ජිවිතයට හුරු උනේ. අසාමාන්‍ය නොවුනත් ඉගනගන්න බොහෝදේවල් තිබුනා. ටිකක් හිතලා මතලා වෑඩ කලෝතින් ඕනම තෑනක් එකයී. අලුතින් යාලුවේ කට්ටියක් හම්බ වුනා. කණ්ඩායම් වෑඩ ගොඩක් සෙට් උනා . එහෙමෙහේ රවුම් ගෑහෑව්වා. එක්සෑම් අත ලග තියාගෙන පිස්සු නෑටුවා. අන්තිම මොහොතේ පාඩම් කලා. කොහොම හරී අවුලක් නෑතිව එක්සෑමුත් ගොඩ දාගත්තා. දෑන් ඉතින් දෙවෙනී අවුරුද්දේ වෑඩ ටික පටන් ගන්න තමයී තියෙන්නේ. මගේ අදහසට අනුව අපේ කස්ටිය තමයී නියමම සෙට් එක. අන්තිමට සිංහල බ්ලොග් ලියන කස්ටියත් දෑක බලාගෙනම තමයී අවුරුද්දේ අවසානයට ආවේ.

කොහොම උනත් 2010 අවුරුද්දේත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෑඩ ලිස්ට් එකක්ම තියනවා. කොහොම හරී එ ටිකත් හෙමිහිට කරගන්න ඕනේ. එ පිලිබදව ඉදීරී බ්ලොග් සටහන් වලින් බලාපොරොත්තුවන්න පුලුවන් :D .


ඉතින් මේක කියවන අයට හදවතින්ම සුබ පතනවා ලබන්නා වු නව වසර සියලු පෑතුම් ඉටුවන සාර්ථක වසරක් බවට පත්වේවා කියලා ! , වෑඩ අස්සේ කස්ටියට නත්තල් කතාකරන්නත් බෑරී වුනානේ ! ,

" ලෑබුවා වු නත්තල සහ ලබන්න්නා වු නව වසර ඔබ සෑමට සෞභාගයමත් වේවා ! "

එහෙනම් , තව අවුරුද්දකින් හමුවෙමු !

Tuesday, December 22, 2009

බ්ලොග් ලියන්නන් සමග ගෙවුනු දවසක්...




කස්ටියව හම්බවෙන්න මමත් සෑහෙන්න ආසාවෙන් හිටියේ. ඉතින් උදේ පාන්දරම නෑගිටලා කොලඹ එන්න උනා . කොලඹ කිව්වට කොලඹටම නෙවේයී . මම කෙලින්ම ආවේ කොල්ලුපීටියට ! . මොකෝ අපේ බ්ලොග් ලියන චරීයා එක්ක සෙට් වෙන්න. මිනිහා 9.30 වෙද්දී එනවා කිව්වට ආවේ 10 ත් පහුවෙලා. එතකන් Facebook පෑත්තේ රවුමක් දාද්දී මලීයා කිව්වා එයාට එන්න විදිහක් නෑහෑ කියලා. කොහොම හරී එක්සෙල් ලෝකය ලගටම ආවයී කියමුකො !

එත් පාර හොයාගන්න විදිහක් තිබුනේ නෑහෑ. හොද වෙලාවට අක්කන්ඩී ව දෑක්කේ . හිමිට එයාගේ පස්සෙන් ගිහිල්ලා ත්මයී Excel World එක හොයාගත්තේ.


SBU හමුවේදී සිදු වුනු දේවල් ආයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑහෑ නේ ! . ශාකුන්තල අයීයවත් හම්බවුනා. තව පහන්ව , එතකොට කතන්දරකාරයාව . ඈයී ටෙක් කතා කරන කස්ටිය වගේ ආපු සියලු දෙනාවම හම්බවුනා.


කාලා බීලා ඉවරවෙලා . පෑයක් පරක්කු කොච්චියේ නෑගලා ගෙදර එද්දී හවස 6.00 ට විතර ඈතී !


අපී ලබන වසරේදීත් නෑවත හමුවෙමු !


ඔබ සෑමට ජය !
 

Tuesday, December 15, 2009

ඉවරයී ඉවරයී Far Cry ඉවරයී !

මේ දවස් වල නිවාඩු නිසා , එච්චර වෑඩ රාජකාරී නෑහෑ ! . එක නිසා හිතුනා Far Cry 1 සෙල්ලම් කරන්න. අපිට ඉතින් එච්චර හොද VGA Card එකක් නෑති නිසා කොහොම හරී වෑඩ කරන තත්වයෙන් හම්බ උන හොද ගේම් එකක් මේක. Graphics නම් නියමයී . ගොඩින් බේරගෙන ඉක්මනින්ම ඉවර කරන්න ඔනේ නිසා සෙල්ලම් කලේ Easy Mode එකෙන්. කොහොම කොහොම හරි දවස් 10 ක් විතර දතකාලා ඉවරකරගත්තා. හෑබෑයී කිසිම හොරයක් බොරුවක් ( Cheats ) කලේ නෑහෑ. අපී ඉතින් අවංක මනුස්සයොනේ. කාට හරී Save Games ටික ඔනේ නම් කියන්න.



 

 

 

 

 

 
 
 

Thursday, December 10, 2009

නත්තලත් ලග ලගම...




කොහොම හරී අවුරුද්දකුත් ඉවරවෙන්න ලගයී. දන්නෙම නෑතිව තවත් අවුරුද්දක් ගතවුනා. හ්ම්.. මේ දවස් වල නිවාඩු හින්දා එච්චර වෑඩ රාජකාරියක් නෑහෑ. ඉතින් දවසම ඉන්නේ ජංජාලේ ඈතුලේ . වෑඩිපුරම මුහුණු පොතේ. මේ දවස් වල පරිසරය ටිකක් වෙනස් වෙලා. එ කියන්නේ උදේට එහෙම හරිම සීතල ගතියක් තියනවා. එ කිව්වේ නතතල් සීතල. දෑන් ඉතින් නත්තල ලග ලගම නේ. එක නිසා මම බ්ලොග් එකට පොඩි වෙනස්කම් කිපයක් එකතු කලා. ඩිසයින් එක චාටර් ද මන්දා.
 

නිකමට වගේ බෑලුවා නත්තලට කලින් කරන්න ඔනේ දේවල් ලිස්ට් එක.
 
1. කාමරේ අස් කරන්න ඔනේ.
2. මකුනු දෑල් වගයකුත් තියනවා අස් කරන්න.
3. ගවලෙන සෑදීම. ( දෑන් ඉතින් ලී හොයපන් කෝ ) දෑන්මම පිදුරු ටිකකුත් හොයලා තියාගන්න ඕනේ. නෑතිනම් එකත් සල්ලීවලට තමයී.
4. නත්තල් ගහත් හදන්න ඔනේ. ( අමුතුවෙන් ඈති දෙයක් නෑහෑ, ප්ලාස්ටි නේ )
5. ඉස්සර නම් ගවලෙන වටේට තියන්න , වී පෑලත් හිටෙව්වා. වෙලාවක් තිබුනොත් එකත් කරලා බලන්න ඔනේ.
6. නෑදෑ කස්ටියට නත්තල් කාඩ් ලියන්නත් ඔනේ. නෑතිනම් එ ගොල්ලත් එක්ක ටච් එකේ හිටියේ නෑහෑ කියලා කියයී. නත්තල් කාඩ් කියද්දී මතක් උනේ , පොඩි කාලේ නම් German වල හිටපු නත්තල් සීයා කෙනෙක්ටත් ලියුම් ලිව්වා. හෑම එකකටම රිප්ලයී එකකුත් ආවා. දෑන්නම් ඉතින් ඕවට ආසාවකුත් නෑහෑ.

 

 



7. අහස් කූරු ටිකකුත් ගන්න ඔනේ. අහස් කූරු උනාට එවා යවන්නේ නම් කානු දිගේ.

ඔන්න ඔය ටික තමයී දෑනට ඉවර කරගන්න තියෙන්නේ. වෙලාවක් තිබුනොත් තව ටිකක් දේවල් ලියන්නම්.
 

Sunday, December 06, 2009

E- Asia 2009 බෑලුවෙමී

මේ දවස් වල SLIIT එකේ 1st year උන්ට නිවාඩු , ගෙදරට වෙලා ඉදලම මටත් ඈති වෙලා තිබුනේ. ඉතින් අපේ කස්ටිය එකතුවෙලා ගියා E- Asia බලන්න. 90 % ම අපී ප්රඩදර්ශනයකට යන්නේ පිස්සුවක් කෙලින්න , ඉතුරු 10 % තමයී ප්රකදර්ශනයෙන් ලබාගන්න දේවල්. ඉතින් සුපුරුදු පරිදී කස්ටිය සෙට් උනා යන්න . අපේ ගොඩක් උන් ඉන්නේ ඩොටේ හින්දා උදේ පාන්දරම තියන කොච්චිවලින් දෙමටගොඩට එන්න කිව්වා. කොහොම හරි දෙමටගොඩින් කස්ටිය සෙට් වෙනකොට උදේ 8.00 ට විතර ඈති. එතනින් අගුලාන බස් එකක නෑගලා BMICH යනකොට 9.00 ට විතර ඈතී. අපී කලින් ගියාට මොකෝ අපී යනකොට මොකෙක්වත් නෑහෑ. ඉතින් 10.30 වෙනකන් පිස්සු කෙලීයා.
















මුලින්ම සෙට් උනේ 3M එකේ බුවෙක්. පොර සෑහෑන්න මහන්සී වෙලා Optical Fiber , Cat 5e/6 ගෑන ගොඩක් විතර කියලා දුන්නා.




ඔය අතරේ ටෙක් කතා කරන කට්ටීයවත් හම්බ වෙලා දෑන හෑදිනගත්තා . හොද වෙලාවට pen එක ගෙනිච්චේ එකට ටෙක් කතා episodes 12 ක් විතර copy කරගත්තා.




මෙන්න LED TV ( light emitting diode TV ) , නිකමට වගේ ගාන ඈහෑව්වා. ඒ ගෑන කතා නොකර ඉමු !




එල කිරි එකෙනුත් කිරි විදුරුවක් ගෑහෑව්වා !



මෙන්න මෑක් ..



ඔහොම රවුමක් ගහලා , ගියා BMICH එකේ Canteen එකට . කාලා බිලා එහෙම්මම ගෙදරත් ආවා 4.30 වෙනකොට.


ප.ලී. හෑබෑයී මුලු ප්රCදර්ශනයම පාලුවට ගිහින් තිබුනේ , එච්චර සෙනගක් හිටියේ නෑහෑ !