Monday, February 23, 2009

අන්සතු මල ......


ආදරයේ සොදුරුම තෑන්
හිමින්සෑරේ කියා දුන්න
ඔබේ හිතට ළං වෙන්නට
හෑමදාමත් බලා උනිමි මම...

සෙනෙහස පිරි මගේ හදවත
හෑමදාමත් නුඹටම බව
හෑගුනත් මට දහස් වරෙක
කියාගන්නේ කොහොමද මම...

නුඹ නොදන්න මගේ සිහිනයේ
හෑමදාමත් ඉන්නම් මම
සිරකරගෙන මගේ සෙනෙහස
බලා උන්නු නුඹට දෙන්න...

ඔබේ හිතේ ලෑගුම් ගන්න
නොලද නිසා අවසර මට
දුරින් ඉදන් බලා හිදිමි
අන්සතු මල ......

Saturday, February 14, 2009

ආදර කතාව...


හප්පා අද ඉතින් පෙම්වතුන්ගේ දවසනේ. අවුරුද්දේ වෑදගත්ම දවස. හික්ස්, ඉතින් මේ දවසේ මට කියන්න තියන අදහස බොහොම සරලයී.


හරිම සරලයී , මට කියන්න තියෙන්නේ මෙච්චරයී....

 " ඔබ යන්න ගිහින් පියබා...
  සදා දුක් ගින්න සිතේ රදවා... "

හික්ස් , මටත් පිස්සුනේ , අවුරුදු 4 ක් ම බලාගන ඉදලා , අන්තිමට කියන්න සිදුවෙන්නේ ඕකනේ. ඉතින් මම මෙතන වමාරන්න යන්නේ මගේ පලමු ආදරය පිලිබදව. හප්පච්චියේ මේක වෙන කාටවත් ආරංච්වුන්නොත් මම ඉදලා ඉවරයී. කමක් නෑහෑ ඉතින් මේවා හංගගන ඉන්න තරම් උවමනාවක් නෑහෑ.

ඉතින් පටන් ගත්තේ මෙහෙමයී, පාසලින් පටන් ගත්තා කියන්න බෑහෑනේ , මොකෝ මගේ ඉස්කොලේ පිරිමි පාසල නේ, ඉතින් එ අවස්තාවත් නෑහෑ. ඉතින් විකල්පයකට යන්නත් සිදුවෙනවනේ. කොහොම කොහොම හරි එකතාවත් පටන්ගත්තේ, අතිරේක පන්තියකින් , පටන් ගත්තා කිව්වට එක දන්නේ මම විතරයී. අනිත් පාර්ශවය එක දන්නේ නෑහෑ, හ්ම්ම්... එක පාර්ශවික ආදරයක් . කමක් නෑනෑ. ඉතින් ඔය කාලේ මම 11 වසරේ , විභාග ජරමර අස්සේ මට ඕවට වෙලාවක් තිබුනේ නෑහෑ. අඩුම තරමින් අතකින් වත් අල්ලලා නෑහෑ. මට එයා ගෑන ආදරයක් ඈතිවුනේ ඈයී කියන්න කාරනය හරියටම විස්තර කරන්න අමාරුයී. එ කියන්නේ අමුතුම හෑගිමක් , එ හෑගිම වචන වලින් විස්තර කරන්න අමාරුයී. හරියට වටිනා වස්තුවක් කාලයක් තිස්සේ හොයලා අන්තිමට හොයාගත්තාවගේ.ඉතින් මම කෑමතියී එ වස්තුව හෑමදාම මගේ ලගට වෙලා ඉන්නවනම්. හරියට මට එ වස්තුව ජිවිතකාලයටම පණ වගේ ආරක්ශා කරගන්න පුලුවන්...කියන හෑගිමක්...කිව්වොතින් මම නිවරදියී. මම තවමත් කල්පනා කරන්නේ මට එ හෑගිම කියාගන්න බෑරිවුනේ ඈයී කියන එකයී. ඈයී මගේ හදවත එ තරමටම ගොලු වුනේ. මෙච්චර කෑහෑගහන මට එක විතරක් කියගන්න බෑරිවුනේ ඈයී. මට එ ආදරය විහිලුවක් නොවුන නිසාද , අනේ මන්දා...ඉතින් මොනවා කරන්නද දෑන් ඉතින් පරක්කු වෑඩියී. හෑබෑයී වෙනදා වගේ අදනම් මම කියන්නේ නෑහෑ " හෑමෑදේම වෙන්නෙ හොදටයී " කියලා. බෑලුවම නරකට වෙන දේවලුත් තියනවා නොවෑ... හික්ස්.. .

ඉතින් කාලයත් ඉක්මනින්ම ඉගිල්ලිලා ගියා , අන්තිමට එ අවුරුද්ද ඉවරවුනාම ඉතුරු වුනේ සමරු පොතක පිටුවක මතකයක් විතරයී. ඔය පිලිබදව දන්නේත් මගේ හොදම යාලුවො ටික විතරයී. එක නිසා එච්චර ප්‍රසිද්ද වුනේ නෑහෑ. අනික මට එ ගෑන ප්‍රසිද්ද කරන්න උවමනාවක් තිබුනේ නෑහෑ. එ වගේම මට එයාට කෙලින්ම එ ගෑන කියන්න හෑකියාවකුත් තිබුනේ නෑහෑ. හෑකියාවක් නොතිබුනාත් නෙමේ , මම කෑමති නෑහෑ එයාගේ හිත රිද්දන්න . මම එයාට කෙලින්ම එ ගෑන කියලා එයා මාත් එක්ක තරහා වෙයී කියලා මට හිතුනා. එයා මාත් එක්ක තරහා වේලා එයාට දුකක් දෑනෙයී කියලා හිතුනා. මම ආදරය කරන කෙනාට දුකක් දෙන්න මට හිතුනේ නෑහෑ. එයාගේ හිත බිදිලා ගියොත් , මටත් එක දරාගන්න බෑරි දුකක් වේවි කියලා හිතුනා. අපි දෙන්නා හිත් වලට ආදරය කලාට කවුරුවත් එක මුලින්ම කියන්න ඉදිරිපත් වුනේ නෑහෑ. එක නිසා දිගටම එයා මගේ සිහින කුමරිය වෙලා ඉදපුවාදෙන්. සමහර විට දෑන් එයාට කවුරුහරි ඈති. ඉතින් විභාගෙන් පස්සේ යාව හම්බවුනේ දෙතුන් වතාවක් විතරයී. එත් පොඩි වෙලාවකට. ඉතින් කොහොම කොහොම හරි කාලයත් ඉක්මනටම ගෙවිලා ගියා , ඉතින් ඉට පස්සේ උසස් පෙලට මුහුන දෙන්න සිදුවුනා. මම හිතන විදිහට එයා කලා අශංය තමයී උසස් පෙලට කලේ, මම විද්යා අශංය කරපු නිසා තවදුරටත් අපි හම්බ වුනේ නෑහෑ. ඉතින් කොහොම කොහොම හරී කාලයත් ඉක්මනටම ගෙවිලා ගියා. විභාගෙත් ඉවරවුනා. පාසල් කාලයත් ඉවරවුනා. එත් මගේ සිහිනය එතනමයී. ඉතින් දෑන් මම SLIIT එකට වෙලා පරිගණක වලට පෙම් කර කර ඉන්නවා. කොහොම උනත්, එයා සතුටින් ඉන්නවනම් මගේ සතුටත් එකයී. එයා මට හිමි නොවුනත් මගේ පෑතුම එයාගේ ලෝකේට වාසනාව සහ ජය සපිරුනු සාර්ථක අනාගතයක්…ඉතින් මාලා ඔයාට සදා ජය !


අනේ මන්දා මගේ හිත මේ කතාව කියන්න තරම් බොලදවුනේ ඈයී කියලා. සමහර විට මේ කතාව කාටහරි කියලා හිත නිදහස් කරගන්න මට තිබුනු බලවත් ආසාව නිසා වෙන්න ඈති. ඉතින් දෑන් ඔයාලා හෑමොම දන්නවනේ මට වෙච්ච දේ... හික්ස් .. මගේ හිත දෑන් නිදහස්...


Saturday, February 07, 2009

දෑයට කිරුල...

ඈති යාන්තම් Orientation Exam එක යාන්තම් ඉවරකරගත්තා, හෑබෑයී හිතුවට වඩා විභාගේ ලේසි උනා. දෑන් ඉතින් බයක් නෑහෑ. ආයේ රිපිට් කරන්න වෙන්නේ නෑති නිසා. හෑබෑයී ලකුනු එන්න ටිකක් කල් යයී මගේ හිතේ. ඉතින් දෑන් නිදහස් නිසා, යාලුවෝ කට්ටිය එක්කලා අද දෑයට කිරුල බලන්න ගියා. ඉතින් උදේන්ම නෑගිටලා , කොච්චියෙන් මරදානට ඈවිල්ලා එතනින් බොරෑල්ලට බස් එකේ ඈවිල්ලා තමයී ප්‍රදර්ශනය බලන්න ඈතුලු වුනේ. හප්පා යද්දි වෙලාව 9.00 ට විතර ඈති එතකොටත් හොදටෝම සෙනග. මුලින්ම ඉඩ කඩ තියන විදිහට පුලුපුලුවන් පරදර්ශන කුටි බලාගන ගියා. විදුලි සංන්දේශන නියාමක කොමිසමේ (TRC) ප්‍රදර්ශන කුටියෙන් තමයී වඩකට ඈති දෙයක් ඉගනගත්තේ. තව ලේක් හවුස් ප්‍රදර්ශන කුටියෙන් පත්තරයක් අච්චුගහන හෑටි ඉගනගත්තා. 


හප්පා අනික් ප්‍රදර්ශන කුටි නිකන් බලාගෙන ගියා විතරයී , කිසිම දෙයක් අහගන්න විදිහක් තිබුනේ නෑහෑ. එ කුටි වල හිටපු අයට ජනතාව දෑනුවත් කරන්න උවමනාවක් තිබුනත් අධික සෙනග හින්දා එ උත්සහය 50% වත් හරිගියේ නෑතුව ඈති. යුධ හමුදා කුටි වලට කිට්ටු කරන්න බෑහෑ ගොඩක් දිග පොලිම් තිබුන නිසා. මිනිස්සු නිකන් ඈවිල්ලා බලලා සතුටු වෙලා යනවා විතරයී කිසිම දෑනුමක් ලබාගන්න අදහක් නෑහෑ. තිබුනත් එකට ඉඩ කඩක් නෑහෑ. ඔයීන් මෙයීන් මටනම් දවල් 12.00 විතර වෙද්දිම ප්‍රදර්ශනය එපා වුනා. ඉතින් මම යාලුවො කට්ටියට බලලා එන්න කියලා , නිකං කෑරකි කෑරකි හිටියා මිසක් , මටනම් කිසිම දෑනුමක් ලෑබුනේ නෑහෑ. මිට කලින් තිබුනු Infotel වගේ ප්‍රදර්ශන නම් කිසිම අවුලක් නෑහෑ , සෙනගත් අඩුයී , හොදින් නරබලා දෑනුමකුත් අරගන නිවිහෑනහිල්ලේ ඈවිල්ලා බලලා ගියහෑකියී.

මම හිතන විදිහට තව දවස් දෙක තුනක් මේ පරදර්ශනය තිබුන නම් මිනිස්සුන්ට නිවි හෑනහිල්ලේ ඈවිල්ලා පොර නොකා , පොලිම් වල නොඉද , හොදට නරබලා යන්න තිබුනා. එ එක්කම විවිධ අංශ වලට වෙන් කරලා තිබුන නම් තවත් හොදයී, එතකොට අදාල අංශය විතරක් උනත් නරබලා යන්න හෑකියාවක් ලෑබෙනවා. නෑතිනම් අපිට උනා වගේ මුලු ප්‍රදර්ශන භුමියෙම ඈවිදලා තමයී ආස කරන අංශ හොයා ගන්න වෙන්නේ. එතකොට ඉතින් වෙලාව ඉවරයී. දවල්ට කන්න හම්බ උනේත් නෑහෑ, අරුං ටික ප්‍රදර්ශනය බලලා එද්දි වෙලාව 3.00 යී. එතකන් අයීස් ක්‍රිම් වලින් තමයී වේල පිරිමහ ගත්තේ. ඉතින් තව බලන්නත් දෙයක් නෑති හින්දා 3.30 ට විතර පිටවෙලා කොටුවට ඈවිල්ලා 4.55 කොච්චියේ කටුනායකට එද්දි 6.00 ට විතර ඈති. හප්පා හරිම මහන්සියී මුලු දවසම ඈවිදලා.

මදෑයී දෑයට කිරුල බලන්න ගියා.......