Thursday, January 29, 2009

ගෑහෑනු ලමයී...

මෙයාලා ගෑන ලියලත් බෑහෑ , නොලියත් බෑහෑ , මොකටත් ටිකක් ලියමු.
ලියනවා කිව්වට හරිම අමාරු මාතෘකාවක් නේ. හරියට අනුකලනය කරලා ලියන්න ඔනෑ මෙයාලා ගෑන. නෑතිනම් හරිම අමාරුවක තමයී වටෙන්නේ. ඉතින් මොනවා කියලා ලියන්නද, නොලිය ඉන්න එක හොදයී වගේ, එත් එහෙම කරන එක හරි මදිනේ , එක නිසා මොනවා හරි ලියමු. අනේ මන්දා මටත් ලියන්න හිතෙන දේවල්. 

අද කාලේ ගෑහෑනු ලමයී ගෑන නම් කතා කරලා වෑඩක් තියනවද මන්දා, මම කතාකරන්නේ බහුතරය පිලිබදව. ඔය අතර හරිම හොද අයත් ඉන්නවා. එත් බහුතරය නිසා ඔවුන් දිහා බලන්නෙත් වෑරදි බෑල්මකින්. ඔන්න ඉතින් ඈදුමක් ඈන්දොතින් ආයේ කතාකරලා වෑඩක් නෑහෑ. කොහෙන් හරි මොකක් හරි පේන්නවා. අපිනම් ඉතින් ඔය අස්ථි , පේශි , පටක ගෑන දන්න හින්දා එක එච්චර ගෑටලුවක් නෙමේ. වෑඩිම උනොත් කංකාල පේශියක් , සිනිදු පේශියක් පියවි ඈසට දෑක ගන්න පුලුවන්. ඉතින් මොකද , ඔයාට අමාරුද අපි මොනවිදිහට ඈන්දත්. ඔයාගේ වඩක් බලාගෙන ඉන්නවද , පණ්ඩිතකම් කියන්නේ නෑතිව. එකත් ඈත්ත නේන්නම් , මේක නිදහස් රටක්නේ, තමුන්ට නිදහස තියනවනේ කෑමති දෙයක් කරන්න.


ඈදුම පෑත්තකින් තියමුකො, කොයී වෙලාවේ බෑලුවත් ඉතින් ජංගම දුරකතනය ඔබ ඔබ ඉන්නවා, ඈති පලකුත් නෑහෑ , ඔය වෙලාවේ පොතක් පත්ක් කියව ගත්තනම් මොකද, නෑත්තම් පෑය ගානක් තිස්සේ මල් කඩ කඩ ඉන්නවා. අප්පා වෑඩ ගොඩයී. අනේ මන්දා මෙහෙම ගියොත් කොහෙන් ඉවරවෙයීද මන්දා. දවස් දෙක තුනකට කොලඹ ගිය මට මෙහෙම හිතෙනවානම් , අනිත් අයට කොහොම හිතෙන්න ඕනෑද ? ගෑහෑනු ලමයෙක් උනාම රුප සුන්දරියක් , නිරුපිකාවක් වගේ ලස්සනට ඉන්න ඔනේම නෑහෑ. හිතයී , හදවතයී පිරිසිදුනම් , අවංක අදහස් තියනවා නම්, එ ලස්සන හොදටම ඈති. ඔබ මේ ලොවට ආදරෙයී නම් , මුලු ලොවත් ඔබට ආදරේ කරාවි....

පටන් ගත්තේ එක අදහසක් හිතේ තියන් , එත් ඉවර කරන්න සිදුවුනේ වෙනත් අදහසකින්, අනික මටත් පිස්සුනේ මේ විකාර ලියලිය ඉන්නවා. අනික් අයගේ වෑඩවලට ඔලුව දානවා. තමුන්ගේ පාඩුවේ හිටියනම් ඉවරයී නේ, මේක කියවන ඔයාලට එහෙම හිතෙනවන්ම් සමාවෙන්න.

Wednesday, January 28, 2009

පරිගනකය සහ මම...


ඉතින් අපි මේ කතාව මෙහෙම පටන්ගමු, පරිගනකයට මගේ තියන සබදතාවනම් එච්චර දුර කතාවක් නෙමේ. මම පොඩ්කාලේ අපේ ගෙදර පරිගනකයක් තිබුනේ නම් නෑහෑ. මේ පොඩිකාලේ කිව්වේ දෑනට අවුරුදු 10 කට විතර ඉස්සර කාලෙකට. කොහොම හරි මටත් ආසාවක් හිතුනා මේ ගෑන ඉගනගන්න. ඉතින් එතකොට මම 6 වසරේ විතර ඈති, ඉතින් මම මුලින්ම පරිගනක ඉගනගන්න ගියේ මිගමුවේ " Tec Sri Lanka " කියන ආයතනයට , දෑන්නම් එ ආයතනය තියනවද කියන්න මම දන්නේ නෑහෑ. හෑබෑයී එ කාලේ නම් හොදට ඉගෑන්විමේ කටයුතු සිදුකරා. ශිෂත්වයකුත් ලෑබුනු නිසා මට මාස්පතා ගෙවන්න වුනේ රුපියල් 200 යී. කොහොම හරි මම අවුරුදු 3 විතර ඉගෑනිමේ කටයුතු කලා. මුලින්ම ඉගන්ගත්තු පරිගනක භාශාව උනේ " GW Basic " . කොහොම හරි සාමානය පෙලට සුදානම් වෙන්න තිබුනු නිසා එකත් නතරවුනා.

ඔන්න ඔය අතරතුර තමයී මට පලමු පරිගනකය ලෑබුනේ. 2003.03.03 වන දින තමයී එක මිලදිගත්තේ 

AMD 1.8 GHz සකසනයක්, 40GB දෘඩ තෑටියක් , 256MB මතකයක් , 32MB විඩියො මතකයක් සහිතව " Hp "මුද්‍රන යන්ත්‍රයකුත් ( තාමත් හොදින් වෑඩකරනවා ) සමග තමයී මගේ මුලුම පරිගනකය මට ලෑබුනේ. එ කාලේ පරිගනකයක් කිව්වම බලන්න එපායෑ හරි වටින දෙයක් වගේ , ඉතින් ගෙනාපු අලුත හෑමදාම වගේ පිහලා කරලා හරිම පිරිසිදුවට තියාගතතා හෑබෑයී දෑන්නම් එහෙම කරන්නේ කලාතුරකින්. 

ඉතින් තොරතුරු හුවමාරු කරගන්න යොදාගත්තේ " Floppy Disk " එකාලේ 1.44 MB කියන්නේත් ලොකු ඉඩක්. ඉස්සර ඉස්කොලේ යන කාලේ හෑමදාම වගේ සාක්කුවේ එකක් නොවෑරදිම තිබුනා. ඔන්න ඔය අතරතුර තමයී " Pen Drives" භාවිතයට ආවේ. මගේ මුල්ම pen drive එකේ මතකය 256 MB එකත් මේ ලගක් වෙනකන් හොදට තිබුනා . දෑන්නම් භාව්ත කරන්නේ 2 GB එකක්. ඉතින් පරිගනක වලට තිබුනු ලෑදියාව නිසා උසස් පෙල කරන කාලේ අපේ ඉස්කොලේ තිබුනු පරිගනක සමාජයේ සභාපති වුනෙත් මම (2007-2008) ඉතින් එකටත් පෑනගන සහභාගි වුනේ.

ඔයින් මෙයී මගේ දෙවනි පරිගනකයත් මට ලෑබුනා. එක ලෑබුනේ උසස් පෙලින් පස්සේ , එ කියන්නේ දෑනට මාස 5 කට විතර ඉස්සෙල්ලා, අපිට අන්තිමට තිබුනේ ඉංග්‍රිසි විභාගය, විභාගේ ඉවරවුනුගමන්ම දිව්වේ මිගමුවේ එක්තරා පරිගනක ආයතනයක, ගිහිලා මිලගනන් එහෙම සසදලා තමයී මේ දෑන් පාවිච්චි කරන පරිගනකය ලබාගත්තේ.

Intel Dual Core 2.0 GHz සකසනයක්, 1GB මතකයක් 512MB විඩියෝ මතකයක් , 250 GBදෘඩ තෑටියක් සහිතව තමයී පරිගනකය සකස් වුනේ.එත් එක්කම ADSL අන්තර්ජාල සබදතාවකුත් ලෑබුනා. ඉස්සර නම් පාවිච්චි කලේ Dial-Up එතකොට 56 Kbps හොදටම මදි, එත් දෑන් 512 Kbps එකත් හොදටම මදි වගේ.

කොහොම කොහොම හරි පරිගනක වලට තිබුනු ලෑදියාව නිසා දෑනට SLIIT ආයතනයේ 1 වන වසරේ ඉගෑනිමේ කටයුතු සිදුකරනවා. ඉතින් දෑන් නම් දවසේ වෑඩි හරියක්ම ගතකරන්නේ පරිගනකය ඉදිරියට වෙලා , එ කිව්වේ දවසකට පෑය 6 විතරම ගතවෙන්නේ පරිගනකය ඉදිරියට වෙලා. සමහර වෙලාවට එපා වෙනවා . එත් ඉතින් බෑහෑ කියක්ලා බෑහෑනේ. අපි බලමු , තව ඉදිරියට මේ සම්භන්ධව තව ලියන්න.


Friday, January 23, 2009

බලාපොරොත්තු...

මෙතුවක් කල් අපේ ජිවිතයේ කොච්චර බලාපොරොත්තු තියෙන්න ඈත්ද , සමහර බලාපොරොත්තු අපි කාලයක් බලාගන ඉදලා ලබාගත්ත එවා වෙන්න පුලුවන්, එත් එක්කම නොසිතුවිදිහට ලෑබුනු එවා වෙන්නත් පුලුවන්, කොහොම උනත් බලාපොරොත්තු තමයී අපිව ජිවත් කරන්නේ කියලා කිව්වොත් ගොඩක් දුරට නිවෑරදියී. 

එත් සමහර දේවල් ගෑන අපි කොච්චර බලාපොරොත්තු තියාගන හිටියත්, අවසානයේ එ බලාපොරොත්තුව ලගාකරගන්න පුලුවන් වේවිද කියන එක තමයී තියන ගෑටලුව. එක යථාර්තයක් වෙන්නත් පුලුවන් , දිගටම සිහිනයක් වෙලා තියන්නත් පුලුවන්, ඈත්තටම අපේ සිත් සිහින වලට කොච්චර වහල් වෙනවද, මොහොතකට ලෑබුනු බලාපොරොත්තුවක් දිගේ කොච්චර අහස් මාලිගා හදන්න අපේ හිත් දක්ෂ වෙලාද, මොහොතකින් ලෑබුනු බලාපොරොත්තුවක් පෑය දෙක තුනකින් බිද වෑටුනම , එ පෑය දෙක තුන අතර කොච්චර බලාපොරොත්තු අපි ගොඩනගාගෙන තියෙන්න ඈතිද, අවසානයේදි එ ඔක්කොම බලාපොරොත්තු ඉවරයී. අවුරුදු ගානක් තිස්සේ තිබුනු බලාපොරොත්තුවක් බිදවෑටෙනවට වඩා එක හොදයී. මොහොතකින් ගොඩ නෑගිලා , මොහොතකින් බිද වටුන බලාපොරොත්තුවක් , කමක් නෑහෑ එ බලාපොරොත්තුව දිගටම සිහිනයක් වෙලා තිබුන දෙන්, එතකොට අඩුම තරමින් එ සිහිනයේ දිගටම ජිවත් වෙලා ඉන්න පුලුවන්. අනික අපි බලාපොරොත්තු වෙන හෑම දෙයක්ම ලෑබෙන එකෙත් කිසිම වටිනාකමක් නෑහෑනේ, එ බලාපොරොත්තුවෙත් අගයක් නෑතිව යනවා.කොහොම උනත් හෑමදේම වෙන්නේ හොදටනේ, ලෑබිම් නොලෑබිම් අතර අපේ ජිවිත හෑමදාම දෝලනය වෙමින් තිබුන දෙන්, එතකොට ජිවිතය සුන්දර වේවි හෑමදාටම.....

Thursday, January 15, 2009

රෑ අහස...


සමන් පිච්ච මල් ඉහිරුනු

නිල් තණකොල පිට්ටනියක් වගෙයී අහස

අන්න බලන්

කොච්චර ලස්සනද රෑට....


ම්ට මතක විදිහට 3 වසරේදි ඉගන ගත්තු කව්යක්.


මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ තමයී අද රෑ අහස දිහා ආයෙමත් බෑලුවේ. පොඩිකාලේ නම් තරු රටා බලන්න අහස දිහා බලාගන උන්නා. අදත් අමුතු තරුවක් තියනවා කියලා ගෙදර කට්ටිය බලපු හින්දා ආයෙමත් බෑලුවා. එදාවගේමයී, කිසිම වෙනසක් නෑහෑ, එදා දෑකපු තරු රටා තාමත් විදිහට තියනවා, එත් අපි කොච්චර වෙනස් වෙලාද ? ,ලොකේ සමහර දේවල් නොවෙනස්ව කල්ප ගානක් පවතිවි, එත් අපි කොච්චර ඉක්මනට වෙනස් වෙනවද, වෙනසට අවුරුදු ගනන් ඔනි නෑහෑ, විනාඩියක් දෙකක් උන්ත් හොදටම ඈති. එත් අහස එදා වගේමයී අදත්.... එක වෙන්න ඈති ගොඩක් කවි , ගිත වගේ දේවල් අහසට සමිප කරලා ලියවිලා ඈත්තේ....


ඔය අතරේ තමයී තේරුනේ මේ විශ්වයේ අපි විතරක් නෙමේ ඉන්නේ කියලා, කොච්චර තරු අපි දිහා බලන් අපේ ඔලුගෙඩි උඩින් ඉන්නවද, , ඈත්තටම තරු වලට කතාකරන්න පුලුවන්නම් අවුරුදු ගානක අතිතයක් විස්තර කරාවි, ඔය අතරේදි තමයී උල්කා කෑබෑල්ලක් වෑටෙනවා දෑක්කේ, ලස්සනට ගිනි අරගෙන ඈවිලිලා නිවිලා යනවා. හරියට තමුන්ගේ සේවය නිමා කලා කියන්න හදනවා වගේ. කිසිම අනතුරක් නෑතිව කොහෙට හරි වෑටෙන්න ඈති, කාලෙකට පස්සේ දකින්න ලෑබුනු දුර්වල දර්ශනයක්. මම කතාවල අහලා තියන විදිහට , වෑටෙන උල්කාවක් දිහා බලාගෙන කරන ප්ර්ථනාවක් , කවදා හරි දවසක ඉටුවෙනවා කියලා, බලමු කතාව ඈත්තද කියලා...


කොච්චර වෙලා අහස දිහා බලන් උන්නත් ඈති වෙන්නේ නෑහෑ, සිතලේ මිදුලට වෙලා මුලු රෑය පුරාම අහස දිහා බලන් ඉන්න ඈත්නම්, ඈත අහාසේ දිලිසි දිලිසි ඉන්න තරු දිහා බලන් ඉන්න ඈතිනම්... එක කොච්චර සොදුරු අද්දෑකිමක් වේවිද….


ආලෝක වර්ශ ගානකට එහා ඉදන් අපි දිහා බලන් ඉන්න තරු අද එතෑන නෑති වෙන්නත් පුලුවනි. අද අපි දකින්නේ තවමත් තරුව ආලෝක වර්ශ දසදහස් ගානකට කලින් නිකුත් කරපු ආලොකයක් වෙන්න පුලුවන්. එත් තරුවේ ලස්සන තවමත් තියනවා, හරියට හොද මිනිසෙකුගේ නාමය සමාජයේ සදහටම පවතිනවා වගේ.අපිටත් මේ ලොකයේ තරුවක් වෙන්න පුලුවන්නම්, සුපිරි තරුවක් නොවුනට කමක් නෑහෑ. හෑකි තරමින් වෑඩදායී පුද්ගලයකු වෙන්න හෑකි වෙනවනම් හොදටම ඈති....

Friday, January 09, 2009

අලුත් ගමනක්...

ආයෙමත් වතාවක් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මගේ පෙර සටහනට වට්නා අදහස් දක්වපු සියලු දෙනාටම...


අපි මෙහෙම මේ සටහන පටන්ගමු, ඉතින් මම විභාගෙට සුදානම් වෙන කාලේ ඉදලම මම දෑන්ගත්තා මට කෑම්පස් යන්න තරම් ලකුනු මට්ටමක් ලබාගන්න බෑරිවෙනවා කියලා. ඉතින් මම එ කාලේ ඉදලම උසස් පෙලින් පස්සේ යොමුවෙන්න පුලුවන් විකල්ප අංශ මොනවද කියලා හොයන්න පටන්ගත්තා. ඔය අතරතුර තමයී මට Sri Lanka Institute of Information Technology (SLIIT) හමුවුනේ. ඉතින් මමත් ඉල්ලුම් පත්‍රයක් එහෙම දාලා වෑඩේට බෑස්සා. තෝරාගෑනිම සදහා තිබුනු අභියොගතා පරික්ශනයත් දන්න විදිහට ලියලා දෑම්මා. කොහොම හරි එකත් සමත් වුනා. ඉතින් මම ගිය දෙසෑම්බර් මාසේ 8 වෙනිදා ඉදන් මගේ අවුරුදු 4 ක අලුත් ගමනක් පටන්ගත්තා. මම දන්නවා මට මේක කියන්න තිබුනේ කලින් කියලා , නමුත් දන්නෑද්ද , බෑරීවෙලාවත් කෑම්පස් තේරුනොත් SLIIT ගමන නවත්තලා කෑම්පස් යන්න හිතාගෙන හිටියේ , එත් දෑන් එක බෑහෑනේ. ඉතින් මේ ගමන දිගටම යනවා . එකයී පසුගිය සටහන් වල කියලා තිබුනේ නෑවත වතාවක් විභාගයට පෙනි සිටින්නේ නෑහෑ කියලා. විභාගය ගෑන ලියවුනු පසුගිය සටහන් වලින් බලාපොරොත්තු වුනේ මම දරන අදහස් , අනික් අය මොන මොන පෑතිවලින්ද එ අදහස් දිහා බලන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් බොහොමත්ම ස්තුතියී එ වටිනාකියන අදහස් එකතුකල හෑම දෙනාටම.

ඉතින් මේ දවස්වල හරිම කාර්යබහුලයී, පාඩම් වෑඩ ගොඩගෑහිලා, මේ මාසේ අන්තිමට ව්භාගයක්ලු,**!! :-( . ඉතින් අන්තර්ජාලයට එකතුවෙන්න වෙලාවක් හොයාගන්නත් හරිම අමාරුයී. එකයී මේ සටහනත් එකතු කරන්න හුගක් දවස් අරගත්තේ. එත් බ්ලොග් ලිවිල්ලනම් අතපසු කරන්නේ නෑහෑ, දිගටම ලියනවා. කොහොම හරි වෙලාවක් මේ සදහා වෙන් කරගන්න පුලුවන්.

එත් බ්ලොග් ලියන එක කරන්න වෙන්නේ ගෙදර ඉදන් තමයී. අන්තර්ජාල සබදතාව තිබුනට සිංහල යුනිකේත ඈතුලත් කරලා නෑහෑ, මට ඈතුලත් කරන්නත් බෑහෑ. එක නිසා සිංහල බ්ලොග් සටහන් බලන්නත් බෑහෑ , ලියන්නත් බෑහෑ. ඈඩ්මින් අයීයට පොඩ්ඩක් කියලා බලන්න ඔනි . සමහර විට එයා ඈතුලත් කරයී.

ඉතින් මට ජයවේවා...!
අපි දිගටම ලියමු.

Monday, January 05, 2009

විභාගයට පිලිතුරක්...


ඉතින් බොහොමත්ම ස්තුතියී ඔබ සෑමදෙනාගෙම අදහස් දෑක්විම පිලිබදව ,

ඔන්න ඉස්සෙල්ලා සටහනට ලෑබුනු අදහස් සලකලා බලලා මට මේ සටහන ලියන්න හිතුනා.



ඈත්තටම උසස් පෙල කරන කාලේ මගේ බලාපොරොත්තුව වුනේ දොස්තර කෙනෙක් වෙන එක නෙමේ. ඈත්තටම අරමුනක් නෑතිව උසස් පෙල කලා කිව්වොත් එක නිවෑරදියී. මට තිබුනේ ගණිතය විශය හදාරන්න. අපරාදේ දෑන් තමයී එකේ අඩුපාඩුව දෑනේන්නේ. මම පොඩිකාලේ ඉදන් ඔය යාන්ත්රික වෑඩ වලට ආසයී , මම දන්න විදිහට මට පොඩිකාලේ හම්බවුනු හෑම සෙල්ලම් බඩුවක්ම කෑලිවලට ගලවලා තියනවා. අරමුන වුනේ එක වෑඩ කරන විදිහ දෑනගන්න එක. ඉට පස්සේ ඉතින් කෑලිවලින් අලුත් මොනවහරි හදනවා. තාම ගලවලා නෑත්තේ අපේ ගෙදර TV එක විතරයී, නමුත් එකට හරියන්න මොනිටරය ගලවලා තියෙන්නේ.

ඉතින් මට කියන්න ඔන වුනේ මට යොමුවෙන්න තිබුනේ වෙන අංශයකට කියලා. එකයී මට ගණිතය කරන්න තිබුනා කිව්වේ.ඈත්තටම මට ජිව විදායාව එපා වෙලා තිබුනේ. බයෝ පාඩම් කරනවට වඩා රසායන වි. භෞතික වි. ගණන් හදන එක හරිම ජොලි. ගාන වෑරදුනොත් හරි උත්තරේ එනකම් හදන්න පුලුවන්, එත බයෝ වල මොනවා හරි පාඩම් කරලා මතක හිටිනෑතිනම් ආයේ පාඩම් කරන එක වහා කනවා වගේ. තෑනකට වෙලා පෑය 1/2 පාඩම් කරන්න හරිම අමාරුයී. ඉතින් කොහොම පාඩම් කරන්නද , මුලින්ම හර ජිව විදයාව පිටු 200 විතර CR පොතක්. ඉට පස්සේ ශාකය , ගහක් මුලේ ඉදලා දල්ල වෙනකන් පිටු 240 CR පොතක් , මට එපාම කරපු එක සත්වයා, නියපොත්තේ ඉදලා හිසකෙස් දක්වා + සියලුම පද්දති .

අස්ථි පදධතියෙම අස්ති බර ගානක් , ඉතින් විහුවය + කෘතය + පිහිටිම එක්ක ඔය ඔක්කොම පාඩම් කරන්න හරිම හරිම අමාරුයී . තව පාඩම් 7 තියනවා , ඔක්කොම පාඩම් 10 යී. මම කියන්නෑ ජිව විද්යාව කියන්නේ අමාරු විශයක් කියලා. එකට ආසාවෙන් කෑපවිමේන් පාඩම් කලොත් අමාරු නෑහෑ . ඈත්තටම ජිව විද්යාව කියන්නේ හරිම උතුම් විශයක් අපි ගෑන අපිටම දෑනගන්න පුලුවන්.

ගොඩක් අය කියන්නේ ආයෙමත් විභාගය කරන්න කියලා , නමුත් මට එකට ආසාවක් නෑහෑ. මම ආසකරන දෙයක් හොයාගෙන දෑන් එක මම කරනවා. කෑඩපත අයීයා කිව්වා වගේ 3 පාරක් හරි කරලා මට යන්න තිබුනා මම ආසකලානම්. එත් දෑන් බෑහෑ. හරේශ අයීයා කිව්ව වගේ තව අවුරුද්දක් මහන්සිවෙලා කරලා හොද තෑනකට එන්න පුලුවන්. එත් මේ අංශයෙන් නෙමේ

මොනවා කිව්වත් " .පෙ කියන්නේ මුලූ අනාගතේ මත් නෙවෙයි. " නේද මලි අක්කේ, අපේ රසායන විද්යාව ගුරුතුමත් අනිතිම දවසේ කිව්වේ ඔය කතාවමයී. දක්ශයොත් ඈති නමුත් හෑම කෙනාටම දක්ශයෙක් වෙන්න බෑහෑ. මම මොනවාහරි අංශයකින් දක්ශ ඈති, ඉතින් එක තේරුම් අරගන කටයුතු කරන්න ඔනා. අපිත් එක්ක ඉගනගත්තු අය අපිට වඩා ඉහල තෑන් වලට යයි , මම අයට අවංකවම සුබ පතනවා. රටට හොද සේවයක් කරන්න කියලා. ඉතින් මමත් මට ගෑලපෙන දෙයක් තෝරගන යුතුකම ඉටු කරනවා.

මරනය, har , කෑඩපත , හරේශ් , මහාසොනා , මලි , සංජිව , සොරො

බොහොමත්ම ස්තුතියී ඔබලාගේ වටිනා අදහස් හා මගපෙන්විම් වලට, මම සියලුදෙනාගේම අදහස් වලට ගරු කරනවා. ස්තුතියී.


Saturday, January 03, 2009

මාගේ විභාග ප්‍රතිපල...

අලුත් අවුරුද්දේ මුලින්ම අහන්න ලෑබුනු ආරංචිය තමයී උසස් පෙල ප්රතිපල නිකුත් වෙලා කියන එක. ලිව්වනම් ඉතින් ප්රතිපලත් බලන්න එපායෑ, මම නම් හිටියෙ ඉස්කොලෙට ගිහිල්ලා නිවිහෑනහිල්ලේ ප්රතිපල බලාගෙන එන්න, එත් මට වඩා අනික් අයගේ උවමනාවට ඉතින් අන්තර්ජාලයෙන්ම බෑලුවා. විභාගේ කරපු මට වඩා අනික් අයට තමා ප්රතිපල දෑන ගන්න උවමනාව.

විභාග ගෑන කතාකලොත්...

මුලින්ම ලිව්වේ 5 වසර ශිශත්ව විභාගය. එකත් කොහොම හරි කරලා ගොඩදාගත්තා එත් නුලෙන් , මට ගන්න පුලුවන් වුනේ ලකුනු 136 යී, පාස් කරලා තිබුනේ 135 න් .

ඊට පස්සේ කලේ සාමනය පෙල (2005) එකත් කොහොම හරි කරලා ගොඩ A-6 B-1 C-2 යී. මට බෑරුවම තිබුනේ කොමස් එකට තමයී " C " , ඉංග්රිසි සාහිත්යට තමයී අනික් "C" , සමාජ අධ්යනයට තමයී "B" . අතිරේක ව්ශයක් විදිහට කලේ සෞඛ්ය එකට "A" ( හෑබෑයී ඉස්කොලේ ඉගෑන්නුවේ නෑහෑ Past papers වලින් තමයී අල්ලගත්තේ. )

ඔයින් මෙයීන් උසස් පෙලට කලේ ජිව විද්යාව. දොස්තර කෙනෙක් වෙන්න හිතාගෙන නෙමේ , දන්නෑද්ද ඉතින් ආසාවට.

ඉතින් මෙන්න මගේ ප්රතිපල...


අන්තිමට එකත් ගොඩ , මම හිතාගෙන හිටියේ කෑම්පස් යන්න ලකුනක් දෙකක් මදිවුනොත් 2 වතාවට කරන්න . එත් මේ විදිහට ලකුනු ගොඩක් මදිවගේ :-)

එක නිසා ආපහු විභාගේ කරන්නේ නෑහෑ.

මදෑ දොස්තර කෙනෙක් වෙන්න හිටියා.... :-)