Monday, November 16, 2009

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම හෙවත් සෑබෑ නොවන සිහිනය (1)...

"පලමුව රු1000 ක් ගෙවා ඉගෙන ගන්න , ඉතිරිය රු 20000 ක චෙක්පත ලෑබුනු පසු ගෙවන්න".

මේ දවස්වල ජාතීයේ පරිගනක සගරාව යෑයී කියාගන්නා සගරාවක පලවන දෑන්ව්ම් ගොන්නෙන් එකකී...

“බලං ඉදහල්ලා Google ගෙන් 20000 ක චෙක් එක ලෑබෙයී...”

පලමුව කිවිය යුතු කරුන නම් , නොමිලයේ මුදල් ඉපෑයීමට ක්‍රමයක් නම් මෙතෙක් මට හමුවී නෑත.
තවද අන්තර්ජාලයේ මුදල් සෙවිමේ රහස් නෑත.

මොවුන් පවසන අයුරට නම් මෙම මුදල් ඉපෑයීම සිදු කරන්නේ Google Adsense මාර්ගයෙනි.

Google Adsense මගින් මුදල් ඉපෑයීමට පෙර තමා සතුව පහත සදහන් කාරනා තිබේදෑයී හොදින් පරික්ශා කර බලන්න ( දන්නේ නෑතිනම් කාගෙන් හරි අහන්න )

1. Top level ඩොමේන් නාමයක් සහිත වෙබ් අඩ්වියක්.


එ කිව්වේ www.myname.com වගේ ලිපිනයක්
දෑන්වීම් පල කිරිමට නම් තමුගේ නමින් වෙබ් අඩවියක් තිබිය යුතුය. එ සදහා මොවුන් යොජනා කරන්නේ blog අඩවියකී නෑතහොත් නොමිලයේ වෙබ් අවකාශයන් ලබාදෙන ස්ථානයකී . බොහොදුරට මෙසේ ලෑබෙන වෙබ් අඩවියට ලෑබෙනුයේ 2nd level domain එකකී. ඔබත් මාත් දන්නා පරිදී අප සෑම දෙනාම දීර්ශ වෙබ් ලිපින සහිත වෙබ් අඩවී වලට ඈතුල් වන්නේ බොහොමත්ම කලාතුරකිනි. එ එම ලිපින මතක තබා ගෑනිමේ අපහාසුතාව නිසාය. එම නිසා 2nd level ඩොමේන් නාම සදහා Google Adsence ඉතාමත් අඩු මට්ටමකින් සහය දක්වයී.

2. දිනකට තම වෙබ් අඩවියට 1000 ක් පමන දෙනා පෑමිනේ නම්.


මාත් ඉතින් දන්න කාලේ ඉදලම මේ වෑඩේ කරන්න බෑලුවා , තියරි එක මේකයී . මේ වෑඩේට අනුව Adsense වල ඈඩ්ස් click කොලහම තමයී අපිට සල්ලී ලෑබෙන්නේ , හෑබෑයී මේ click කරන වෑඩෙ කරන්න ඔනේ පරිගනක යන්ත්‍ර ගොඩකින් , එ කිව්වේ රටවල් ගොඩකින් , නෑතිනම් පලාත් ගොඩකින් පෑමිනෙන උදවිය තමයී . අනේ අපිට කොහෙද අපිට එච්චර ලොකු Traffic එකක්. එකම Computer එකකින් හෝ IP pool එකකින් , එ කිව්වේ පරිගනක ජාලයකින් මේ වෑඩේ කරන්න ගියොතින් එහෙම Sorry.com ම තමා. Account එක Disable වෙනවා .අනික Google එකත් අපිට වඩා කට්ටයී , උන් එකපාරම Account disable කරන්නේ නෑහෑ , උනුත් ටිකක් මේ හොර කිරිල්ල කරන්න ඉඩ දෙනවා , ( උනේගේ අතින් පයීන් යන එකක් යෑ ) , අන්තිමට චෙක් එකක් එවන්න සල්ලී ගාන සෙට්වේගන යන කොටම මුන් disable කරනවා , හේතුව විදිහට මම කලින් සදහන් කරපු කාරනේ ඉදිරි පත් කරයී.
අනික මුන් එක click එකකට ගෙවන්නේ USD 0.01 ක් නේ , එ කියන්නේ ආසන්න වශයෙන් රුපියලක් , මුන් චෙක් එක issue කරන්නේ USD 100 ක් සෙට් උනාහමයී , එක නිසා පලමු ආදායම ලබන්න නම් අඩුම වශයෙන් click කිරිම් 10,000 වත් තියෙන්න ඔනේ. අනික අපේ සයීට් එකට එන හෑම එකාම ඔය ads click කරන්නේත් නෑහෑනේ , ඔන්නම් 10 ට 1 කෙනෙක් click කරයී.


3. නිතරම යාවත්කාලින වන වෙබ් අඩවියක් (Updated content).


හෑමදාම තියෙන්නේ එකම දේ නම් , කවුරුත් ඉතින් ආපහු ගිහිල්ලා බලන්නේ නෑහෑනේ...

තමුන්ට මේ වෑඩේ කරලම බලන්න ඔනේ නම් නිකං සල්ලි නාස්ති කරගන්නේ නෑතිව අන්තර්ජාලයෙන්ම මේ ගෑන ඉගන ගන්න පුලුවන් , ඔනේ නම් මේ ලිපින වලට ගිහිල්ලා බලන්න...
http://naliya.blogspot.com/2009/11/2.html

හප්පා තව දුරටත් ලියන්න වෙලාව මදි වගේ පස්සේ ලියන්නම්.

11 comments:

Admin said...

මචං සක්විත්තෝ ගැන ලියන එන හොඳයි- නමුත් නොදන්න දේවල් ගැන ලියන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා- ඒක මෙ සිංහල බ්ලොග් ලියන අයගෙන් සෑහෙන දෙනෙක් කරන වරදක්- ඇත්ත වගේ මිත්‍යා මත පතුරන එක- කවුද දැන් උඹට කීවෙ ඇඩ්සෙන්ස් ක්ලික් එකකට ගෙවන්නේ රුපියලයි කියලා? එහෙම කාටවත් කියන්න බැහැ- මොකද ගෙවන ගාන තීරණය කරන්නේ දැන්වීම පලකරන කෙනා- ඒක ඩොලර 0-01 ඉඳන් ඉහලට යනවා- ලොකු සමාගම් ඩොලර් 1ක් එක ඇඩ් එකකට වියදම් කරන වෙලාවල් තියෙනවා- ඒකෙන් සියයට 40ක් වගේ ගානක් අපට- අනික ගූගල් සමාගමට- එහෙමයි ඒක වෙන්නේ

අනික ටොප් ලෙවල් ඩොමේන් නාමයක් සහිත වෙබ් අඩ්වියක්- කියන එකත් වැරදියි- බ්ලොග් අඩවිවලින් කි‍්‍රකට් වගේ හයි ට‍්‍රැෆික් තියෙන දේවල් සජීවිව පෙන්නලා දවසට ඩොලර් 200 ට වඩා හොයන අයත් ඉන්නවා- අනික දැනට ලංකාවෙ බිහිවුනු ජනප‍්‍රියම වෙබි අඩවිය වුන ට‍්‍රැෆික් වැඩි වුන නිසා වැහුන කෝල්3 කියන වීඩියෝ වෙබි අඩවියේ යූආර් එල් එක කොච්චර දිගද?

අනික අනේ අපට කොහෙන්ද එච්චර ට‍්‍රැපික් කියා අධෛර්යමත් වෙන්න එපා-
නිකන් ඉඳන් ට‍්‍රැෆික් එන්නෙ නෑ- යම් තරමකට ප‍්‍රචාරණයටත් වියදම් කරන්න අවශ්‍යයි-

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ඇඩ්සෙන්ස් සක්විත්තෝ හැමදාම බිහිවෙනවා- මිනිසුන්ගෙන් සල්ලි එකතු කරගෙන මාරු වෙනවා- ඒ ගැන කතා කරන්න කාලය නාස්ති කරන්නවත් වටින්නේ නැහැ- මොකද ඔ්වට සහභාගි වෙන්නෙත් නිකං ඉදන් සල්ලි හොයන්න බලාන ඉන්න නිකම්මු-

Admin said...

Sorry , me Admin kiyala Wetila tiyenne mage Blogspot acoount eke mama deela tiyena nama nisa...mama Lankapartner

Chrishi said...

ඔන්නම් 10 ට 1 කෙනෙක් click කරයී

මොන පිස්සුද ? මගේ බ්ලොග් එකක් තියනවා page impressions 1000කට වැඩියි. එත් click 1යි.

Naliya said...

lanka partner කියන කථාව ඇත්ත සක්විතිලාට, හොයන්නේ බලන්නෙ නතුව සල්ලි පුදන්නෙ නිකන් ඉදන් සල්ලි හොයන්න හදන කට්ටිය,ඒත් සමහ‍ර සක්විතිලගේ දැන්වීම් දැක්කාම නොදන්න කමට රැවටෙන අයත් එන්නවා,මම adsense ගැන ලියන්න පටන් ගත්තේ එකයි.
**නලියට සන්තොසයි නලියගේ වඩෙට උදවු ක‍රන කස්ටිය ඉන්න එක ගැන.**

ඉසුරු said...

කාටවත් කියන්න එපා මමත් ඔය උගුලකට අහු උනානෙ. අප‍රාදෙ කියන්න බෑ නියමෙටම ඇද ගත්ත. 4500/= ක් වතුරෙ. නිකන් ඉදල හම්බ ක‍රන්න හිතාගන නෙමේ ගියෙ, කතාව දිගයි .......

ව්බාගෙ ඉව‍රවෙලා ඒ ගැන ලියල බ්ලොග් එකක් පටන් ගන්නම්කො. හැමදාම කියව කියව ඉදල හ‍රියන් නෑනෙ........

Desh said...

මට හිතෙනව මම් ඩන්න ඩෙයක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න.
මොකද අද හුන්ග දෙනෙක් මුලා වෙලා ඉන්නෙ මේ ගැන දන්නෙ නැතුව, හරියට.

ඔය ගොල්ලො කීදෙනක් Google Adwords Keyword Tool එක use කරනවද?

මට හිතෙන හැටියට හුඟ දෙනෙක් ගෙ keywords ගැන තියන අවබොඅධය අඩුයි. ඒකයි, තවම click එකකට $1 > ගෙවනව කියන්න.

ඇට්ත්තම කිඋවොත් mesothelioma කියන keyword එකට adwords.වල bid කරන්නෙ, $ 25 ක් විතර වෙන්න, එක නිස හරියට කරනවනම් ඔයාලට 1 click එකකඉන් $ 3-5 අතර ලීසියෙන්ම හොයාගන්න පුලුවන්..

තම මේ වගෙ expensive keywords ගෙන හොයල බලන්න.. එතකොට අඩු click ගානකින් වෙඩි මුදලක්න් හොයන්න පුලුවන්...

Anonymous said...

Dear Author wsvperera.blogspot.com !
I am final, I am sorry, but this answer does not suit me. Perhaps there are still variants?

Harsha said...

There is nothing such as a free lunch.

ruwandhananjaya said...

එක අයෙක් ඇඩ් 4-5 කෙටුවොත් මුදල් 0.04-0.05 ක් ලැබෙනවාද?

අන්තර්ජාලය හරහා මුදල් ලංකාවෙන්ම said...

අම්මට උඩු උඹලා ඇත්තමද කියන්නේ මගේ බිල් කට්ට ගෙවා ගන්න මාත් නිදි මරා ගෙන ක්ලික් කරන ගමන් මේ ඉන්නේ නිදාගන්නවා මගුළ

nstech said...

many earning opportunities introduced in my blog , some of them may already you know, pls visit at http://lankarupee.blogspot.com/