
මම නම් සාමානයෙන් ඔය ජාතියේ "රියෑලිටි" වෑඩසටහන් සාමානයෙන් නරඹන කෙනෙක් නෙවෙයී. ඉදලා හිටලා වෙලාවක් හම්බවුනොතින් පොඩ්ඩක් බලනවා මිසක.
මේ දර්ශන ටික ලෑබුනේ මගේ යාලුවෙකුගේ මාර්ගයෙන්. "ශ්රි ලාංකීය ගායන තරු අබිශේකයේ මෞලි මංගලය" කියාගන්නා මේ වඩසටහන නම් මහා ලෑජ්ජාවක්. එ වගේම ලොකු ව්යාපාරික තුරුම්පුවක්. විනිශ්ය මන්ඩලය ගෑන නම් කතා කරලා වෑඩක් නෑහෑ. උන්ට මුලින්ම ගීත ගායන උගන්න කරන්න ඕනේ
මේ වෑඩ සටහන නිසා වෙන්නේ අහිංසක මිනිස්සුනේ තියන මුදල් ටිකත් SMS වලින් සූරාගන කන එක.
මගේ මතය මේකයී " මිනිහෙකුගේ දක්ශතා SMS වලින් මනින්න බෑහෑ " . එ බව නොදන්න අපේ ඔටුවෝ ටික ඉතින් කොටනවා SMS . බහුජාතික සමාගම් දියුනු වෙනවා. අපේ උන්ගේ අතේ සතෙත් නෑති වෙනවා. එච්චරයී.
රුපවාහිනි සංවාදයකදි එඩ්වඩ් ජයකොඩි මහත්මයා කියපු ප්‍රකාශනයක් ලියන්න කෑමතියී. ඔහු ප්‍රකාශ කලේ " SMS වලින් ඔබව කදු මුදුනටම ගෙන ගොස් තබාවී , නමුත් එමගින් නෑවත ආපසු පෑමිනෙන්න මාර්ගයක් නොමෑති වේවි, එතකොට තත්වය භායානක වේවි "කීයායී...
මෙහෙම ගියොත් සිරස සුපර් ස්ටාර් , කොමඩි ස්ටාර් වෙයීද ?
7 comments:
අනේ ඇත්තමයි මේවා බලද්දි දුක හිතෙන්නේ අපේ රටේ තරුණ පරපුර ගැනමයි!
මගේ නම් අදහස ඕව සිරසෙ එවුන්ම කරන ඒවා. ඔය වගේ පිස්සු කේස් වෙනකොට, බලන අය ගනණ වැඩි වෙනවනෙ. හැබයි සුපර්ස්ටර් නිසා කීප දෙනෙක්ට ඉදිරියට එන්න අවස්තාව සැලසුනා. ඒ උනාට SMS ක්‍රමේ නම් එච්චර සාධාරණ නෑ.
Super Star පළවෙනි වටයෙ වැඩසටහන් කීපයක් මම බැලුව. නමුත් පසුව වෙලාව ලැබුණෙ නෑ රූපවාහිනී නරඹන්න. (දැනටත් වෙලාවක් නෑ) ඒ නැරඹූ වැඩසටහන් කීපයෙන්ම මට මේක කොමඩියක් වෙලා තිබුණෙ. ඇත්තෙන්ම කිව්වොත් මෝඩ ජෝක් එකක්.
*පළවෙනි වීඩියෝ එක ගැන:
මේක තරඟකරුගෙ වැරැද්ද. ජංගම දුරකථන භාවිතය පිළිබඳ නොදැනුවත් බව. 'තැනකට' යද්දි ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන එක සිරිතක්. මොකද ජංගම දුරකථනය අනවශ්‍ය කරදරයක් වෙන්න ඉඩ තියෙන නිසා.
නමුත්, වැරැද්ද තරඟකරු පිටම පටවන්න බැහැ. රූපවාහිනී වැඩසටහන් සංවිධානය කළ අය අතෙත් වරදක් තියෙනවා. හරි නම් ඔවුන් තරඟකරුවන්ව මෙවැනි දෑ ගැන දැනුවත් කළ යුතුයි. (SLBC නම් පිටස්තර පුද්ගලයෙක් ගුවන්විදුලි මැදිරියට ඇතුළු වෙන්න කලින් මතක් කරනවා ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරගන්න කියලා)
*දෙවැනි වීඩියෝ එක,
මේකට කරුණු කීපයක් බලපානවා. විනිශ්චය මණ්ඩලයෙ ඉන්න අයගෙ ඊර්ෂ්‍යාව, කුහක කම ඊට අදාළයි. ඔය විනිශ්චය මණ්ඩලයෙ ඉන්න කලාකරුවො 'ලොකු' මිනිස්සු විධියට පේන්නෙ ඔතන ඉන්න තරඟකරුවන්ට පමණයි. අපට ඒ අය සාමාන්‍ය කලාකරුවො විතරයි. ඉතින් තමන්ගෙ ලොකු කම තරඟකරුවන්ට පෙන්නන්න මෙයාල කියන ඇනුම්පදවල තියෙන කුහක කම තරඟකරුවන්ට නොපෙනුනාට බලාගෙන ඉන්න අපට පේනවා. ඊර්ෂ්‍යාව අදාළ වෙන්නෙ මෙහෙමයි... තරඟකරු කවදහරි තමන්ට අභියෝගයක් වෙයි කියල බය හිතුණොත් කපනවා. මම දැකල තියෙනව මේ වගේ දක්ෂයින් කීපදෙනෙක්ම ඒ වගේ අයින් කළ හැටි.
*Super Star ගැන:
අපි දන්නවා සිරස කියන්නෙ මාකටිං කරගන්න ඕනම ජරා වැඩක් කරන ආයතනයක් කියලා. ඒක too obvoius. ඉතින් මේකත් එක්තරා උපායක්. අසාධාරණ ලෙස විනිශ්චය කරන බව ආරංචි වුණාම අපේ අයත් යනව කට ඇරගෙන බලාගන්න මේ අසාධාරණය. විනිශ්චය මණ්ඩලයට බැණ බැණ ආයෙමත් බලනවා ඒකම. කලාකරුවන්ගෙ ප්‍රතිරූපයත් හානි වෙනවා... තරඟකරුවො මානසිකව වැටෙනවා... සිරස තනියම උඩ යනවා...
Dancing Star වැඩසටහනේ දුෂ්‍යන්ත් වීරමන්ව විනිශ්චය කරන්න සංතුෂ් වීරමන්ව දැම්මෙත් ඒකයි.
ශාකුත්තල අයියා කිව්ව එව්වා මිස කියන්න වැඩි දෙයක් නෑ.
අවංකවම ලැජ්ජයි වගේම කණගාටුයි. සිරසේත් වැරද්ද ඒ ඒ අයගේ ඒවා දැන දැනම විකාශණ කරන එක.
මලී....
එ ගෑන කතා කරලා වෑඩක් නෑහෑ.
චුට්ටා...
කතාවනම් ඈත්ත, අපේ කිහිප දෙනෙක්ම කතා උනා ඔය වගේ දේවල් සිරස කාරයගෙම වෑඩ කියලා.
ශාකුන්තල...
බොහොම ස්තුතියී වටිනා අදහස් වලින් මගේ ලිපියට තවත් කරුනු කාරනා එකතු කලාට.
බින්කු...
මටත් කියන්න තියෙන්නේ එච්චරයී.
Post a Comment