Saturday, April 18, 2009

2009-1989 = 2 !!!



හප්පා , දෑන් මට අවුරුදු 2 යී. එ කිව්වේ 2009-1989 = 20 = 2+0 =2.**

පොඩි විහිලුවක් කලේ, දෑන් හෑමොම දන්නවනේ මගේ වයස , මේ ගතවුනු අවුරුදු විස්ස හරියට අද ඊයේ වගේ, හරි ඉක්මනට ගතවුනා. කොහොම හරි ඔන්න ඉතින් අද මම අවුරුද්දකින් තරුණ වුනා.දෑන් ඉතින් තවදුරටත් පොඩි ලමයෙක් විදිහට හිතන එක නවත්තලා, ලොකු ලමයෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න වෙනවා.වගකිමුත් වෑඩියෙ වෙලා. මෙච්චර කල් කරපු බොලද වෑඩ නතර කරලා අලුත් ජිවිතයක් පටන් ගන්නවා අද ඉදලා.

මේ ගතවුනු අවුරුදු විස්ස ඈතුලත් මගේ ජිවිතේ මොනතරම් නම් දේවල් සිදු වුනාද, යාලුවෝ නම් අන්තවත් හම්බවුනා, එත් හොදම යාලුවෝ අතරට වෑටුනේ ඉන් බොහොම ටික දෙනයී. එ ටික දෙනා අදටත් මගේ හොදම යාලුවෝ. මේ අතරතුර මම මගේ පාසල් ජිවිහයත් අහවර කලා. එ කාලේ තමා මෙතෙක් ගත කරපු ජිවිතයේ හොදම පරිච්ඡේදය.මම මුලින්ම ගියේ තුඩෑල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසලට, සාමානය පෙලින් පස්සේ ගියා මිගමුව මාරිස්ට් ස්ටෙල්ලා විදුහලට උසස් පෙල කරන්න. ඉතින් එ ඉස්කොල දෙකෙම ගතකරපු කාලය හරිම සුන්දරයී, මම තාමත් ආසයී ආපහු එ කාලෙට යන්න තියනවනම්, එත් දෑන් එ කාලේ ඉවරයී නේ.

කොහොම කොහොම හරි දෑන් මට අවුරුදු විස්සක්ම වුනා. මම බලාපොරොත්තු වුනු තත්වෙයී , මම දෑන් ඉන්න තත්වෙයී දිහා බලපුවම මට සතුටු වෙන්න පුලුවන්. මම ඉතින් කොහොමත් නිහඩව ඉන්න ආසයී. පොඩිකාලේ ඉදලම මම එච්චර දගලපු කෙනක් නෙවෙයී. මම මගේ පාඩුවේ මගේ වෑඩක් පලක් කරගන ඉන්න කෑමතියී. අනිත් අය හිතන පතන විදිහ ගෑන මම එච්චර හිතන්න යන්නේ නෑහෑ. මම වෑඩ කරන් යන්නේ මට කෑමතිවිදිහට. ඔන්න ඔය විදිහට තමයී බහුතරය මාදිහා දකින්නේ. ඉතින් මට හෑමදාමත් සහය වන මගේ අම්මටයී , තාත්තටයී , එ වගේම මගේ හොදම ම්තුරන්ටයී බොහොමත්ම ස්තුතියී.

ඔබ සෑමට ජය....!

**
ඉහත ගණිත ක්‍රමය පිලිබදව සියලු අයීතිය අපේ මලි අක්කා සතු වේ. එම ගණිත ක්‍රමය පිලිබදව ගෑටලු වෙතොත්, කරුනාකර ඈ වෙත එම ගෑටලු යොමු කරන්න.

5 comments:

said...

සුභ උපන් දිනයක් වේවා!!!!
චියර්ස්ස්ස්ස්ස්...!!!
අවුරුද්දකින් තරුණ උනා නෙමෙයි අවුරුද්දකින් නාකි උනා

malee_msg said...

සුභ අළුත් අවුරුද්දක් ආ.. සොරි සුභ උපන් දිනයක් වේවා මල්ලි.. අපොයි වයස දෙක නම් දෙකයි විදියට හිතන්න මොකෝ මේ තරුණ වුනා ගාන්නේ..?

-බිன்ku- said...

සුභ අලු අවුරැදු උපන් දිනයක් වේවා!

බුද්ධික said...

සුභ උපන් දිනයක් වේවා!

මාත් උඹේ වයසේ

Charith Weerakkody said...

සුභ උපන්දිනයක් වේවා!!!!!
ඒ වගේම ඉක්මනින්ම කෙල්ලෙක් සෙට් කර ගන්න ලැබේවා!!!