Friday, March 20, 2009

සංස්කෘතිය විකිණිම

ටිකක් වේලාස්සනින්ම දේශන ඉවරවුනු නිසා , අපේ බ්ලොග් සාමාජික චරිත් එක්ක ගියා බම්බලපිටිය පෑත්තේ පොඩි රවුමක් ගහන්න. මම නම් එච්චර කොළඹ පරිසරය නොදන්න නිසා , එ ගෑනත් පොඩ්ඩක් බලාකියාගන්න තමයී රවුමක් ගහන්න හිතුනේ. චරිත් මේ දවස්වල ඩයලොග් සමාගමේ තාවකාලිකව වෑඩකරන නිසා මිනිහව අල්ලගන්නත් හරිම අමාරුයී. කොහොම හරි කෙලින්ම ගියේ බම්බලපිටියේ එක්තරා සාප්පු සංකිරණයකට, නමින් ඉංග්‍රිසි අකුරු 2 යී : D . ගමනේ අරමුන උනේ රෑහෑන් රහිත මොඩම් එක්කක් හොයාගන්න එක, නමුත් එක හොයාගන්නත් බෑරි වුනා...

හරි , කතාව මේකයී , අපි මොනවාහරි ආමාශගත කරගන්න කියලා , ගියා ආපන ශාලාතියන පෑත්තේ , බලන්න එපායෑ තියෙන කෑම ජාති , ඔක්කොම ශ්‍රි ලාංකිය විදිහට සකස්කරලා , මෑට් වලංවල දාලා , නෙලුම් කොලේ බෙදලා තමයී පාරිභෝගිකයන්ට පිලිගන්වන්නේ. අවුල තමයී මේ කෑම එක ගන්න එකා කන්නේ හෑදි ගෑරුප්පුවලින් , බොන්නේ මොනවහරි කෘතිම පානයක් , එමදිවට කෑම උයන්නේ ඈලුමිනියම් භාජනවල , එත් බෙදලා තියෙන්නේ හෑලි වලංවල. අඩුවකට තිබුනේ ගිනි ඈවිලෙන දර ලිපක් නොතිබුනු එක. මුං එකකුත් හදයී smoke detectors නොතිබුනානම්. මුරුංගා වගේ කෑම ජාති එහෙම ජිවිතේට හදන්නේ නෑතිව ඈති, නෑත්තම් ඉතින් ගෑරුප්පුවෙන් කන්න කියලෑ ! . ඉතින් මේ කට්ටිය වායුසමනය කල පරිසරයක් ඉදන් උනු උනුවේම ශ්‍රි ලංකාවේ සංස්කෘතිය විකුනනවා ඉතා ඉහල මිලගනන් වලට ,

ඉතින් මේ වෙලදාමට ශ්‍රි ලාංකියත්වය තුරුම්පුවක් වෙන්න ඔනේ නෑහෑනේ , තමුන් වෙලදාමක් කරනවනවනම් එක හරියට කරන්න ඔනි රටක් විකුනගෙන කන්නේ නෑතිව. තව දෙයක් එ පෑත්තේ ටිකක් ඈවිදලා ආවොතින් ඔයාලටම දෑනේවි ශ්‍රිලංකාව කොච්චර සමුර්දිමත් රටක්ද කියලා. යාන වාහන , මිල මුදල් හිමි ධනවත් සමාජයකට හිමි , ශ්‍රි ලංකාවත් යුරොපය යෑයී සලකන අමුතුම ලොකයක්, ඉතින් මේ මිනිස්සු උන්ට ශ්‍රි ලාංකියත්වය ව්කුන ගෙන තමුන්ගේ බඩවියත් රෑකගන්නවා. ඉතින් මේ ගෑන කතාකරන්න ගොඩක් දේවල් තියනවා , මේ එක පෑත්තක් විතරයී , තවත් ගොඩක් ආකාර වලින් මේ ලංකාවේ සංස්කෘතිය විනාශ වෙනවා . අපි එ ගෑන පස්සේ කතාකරමු.

8 comments:

Charith Weerakkody said...

එදා මුලින්ම ගියේ අකුරු දෙකේ සාප්පු සංකීර්නයට එහා එකට.ඊට පස්සෙනෙ අකුරු දෙකේ තැනට ආවෙ...:)

අද මොඩම් එක ගත්ත ද?Airtel එකටත් ඊට කලින් දවසෙ ගියෙ.ඔක්කොම එකයි.කොහෙවත් මොඩම් එකක් ගන්න තැනක් තිබ්බෙ නෑ නෙ.

මොනව වුනත් කාපු කෑම වල වරදක් කියන්න බෑ.වැරැද්ද තියෙන්නෙ ඒව පිලිගන්වන ආකාරයෙ.මේ දවස්වල අතේ සල්ලිත් ගොඩක් ගැවසෙන නිසා කෑම වෙනුවෙන් ටිකක් වියදම් කලත් පාඩුවක් වෙන්නෙත් නෑ නෙ....:P

ඕන රටක අගනගරය බලල ඒ රට දුප්පත් ද, පෝසත් ද කියල කියන්න බැහැ.ඕක මම හොදටම දැක්කෙ බංග්ලාදේශයේ ඉන්නකොට.ඩකා කියන්නෙ කොලඹටත් වඩා දියුනු නගරයක්.ඩකාවලට විතරක් ආපු කෙනෙක් කියන්නෙ බංග්ලාදේශය කියන්නෙ ලෝකෙ තියෙන දියුනුම රටක් කියල.ඒත් අගනගරයෙන් පිටට ගිහින් බැලුවොත් පෙනෙයි ඒ රටේ තියෙන දුප්පත් කම.ඕක ඕන රටකට පොදු දෙයක් මල්ලි.ඔය තත්වයම යම් තාක් දුරකට චිතගොං නගරයෙත් තියෙනව.

තව දෙයක් කියන්න ඕනෙ.කොලඹත් ටිකක් තනියෙන් ඇවිදල පුරුදු වෙන්න....:D

Wiz Kun said...

මමනම් ඕකේ කිසි වරදක් දකින්නේ නැහැ. මොකක් හරි කරලා විකුනගන්න එපායැ, ඒ මිනිස්සුත් ලාභ ලබන්න එපායැ...

අනික මැටි භාජන වල කෑම විකුනුවට සංස්කෘතිය විනාශ වෙනවද. මේක නම් කිසි පදනමක් නැති තර්කයක්.

අග නගරය කියන්නෙ රටක වෙලඳාම වැදියෙන් ම සිදු වන ප්‍රදේශයක් කිව්වොත් බොහෝ වෙලාවට හරි. විදේශිකයො හෙම මුලින්ම එන්නෙ අග නගරයට. ඒක නිසා රටක අග නගරය ඉතා ලස්සනට දැකුම් කලු විදිහට විදේශිකයින්ට ප්‍රිය උපදවන විදිහට පවත්වාගෙන යෑම රටක දියුනිවට ඉතා වැදගත් සාධකයක්!

අගනගරයක් වුනාම ලස්සනට තියෙන්නෙ ඕන!!

Palitha said...

මම පණ්ඩිත කතාවක් කියන්න යන්නෙ, ඒත් ඒක වැදගත් වේවි. අපි මේ ගත කරන්නේ ධනවාදයේ තුන්වන කාර්තුව, ඒ කාලෙදි අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. සංස්කෘතිය විතරක් නෙමෙයි ආදරය, කරුණාව, මනුස්සකම, වගේ දේවලුත් මුදලට විකිණෙනවා. මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඊටත් වඩා අපි ඒකට කැමති නෑ. ඔයා ආදරය කරනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඔයා ඒක මනින්නේ ගොඩාක් වෙලාවට මුදල්මය සාධකයකින්. මේ වගේ කාලයක ඇත්ත මනුස්සයෙක් වගේ ජීවත් වීම බොහෝම අමාරු වැඩක්. ඒකට හොද දැනුමක් වගේම එඩිතර කමකුත් අවශ්‍යයි. මොකද ඔය ක්‍රමයේ වහල්ලුන්ට එහෙම නොවන අය පිස්සෝ හැටියට පේන නිසා.

'පිස්සා'- said...

ඔයාට ඕවා තේරෙන්න තව ගොඩාක් කල් යයි මලයෝ.... ඕවා මාකටිං ගැජ මැටික්ස්... ඕවා හින්දා තමයි , අපි යන්තම් ඔලුව උස්සන් ඉන්නේ... ඕවා කරාට වරදක් නෑ බන්..නැත්නම් අපි ලෝකේ අනිත් රටවල් අතරෙන් ලේසියන්ම කැපිලා යනවා....

Ramachandra said...

@ palitha
Well said:)

malee_msg said...

ඔය මැටි භාජන ගැන මම නම් සතුටු වෙනවා. මොකක්ද ඒකේ ඇති වැරැද්ද?අපේ සංස්කෘතිය රැකගෙන දියුණු වෙන්න අපි පරක්කු වුනේ ඔය වගේ දේවල් අපිට අමතක වෙලා තිබ්බ නිසා කියලයි මම හිතන්නේ. ඔය කියන තැනට විදේශිකයෝ පවා එනවා නේද? ඉතිං හැදි ගැරුප්පු තියන එක වැරදිද? අනික අතින් කන්න කැමති කෙනෙකුට‍ තහනමකුත් නැහැනේ. ඔය වගේ ස්ථාන තව තව වැඩි වෙන්න ඕනි කියලයි මම නම් හිතන්නේ.

සම්පත් බංඩාර said...

smoke detektors තිබ්බට extractors තිබ්බනම් දුම් ගැටවක් වෙන්නෙ නෑ..මම හිතන්නෙ ඒක නෙවෙයි ගැටළුව..පාරිබෝගිකයට ගැටෙන්නෙ පිළිගන්වන කොටස විතරයිනෙ..ඒක නිසා ලංකීයත්වය ආරෝපණය කරල තියෙන්නෙ ඒ ටිකට විතරයි...හැබයි ඉතින් ඕකෙන් අඩුම තරමෙ මැටි වලදක් වත් විකිණෙයි...වෙළදාම කියන්නෙ ඉතින් මොන රටෙත් බොරුව තමා..ඕන රටක වෙනව..ලංකාවද එංගලන්තයද වෙනසක් නෑ..මුංගෙත් bakery වල ton ගානට හදන cake වල ලොකුවට ගහල තියෙන්නෙ home made කියල..විහිළු තමා නේ...

ආගන්තුකයා said...

මේ වගේ කාලයක ඇත්ත මනුස්සයෙක් වගේ ජීවත් වීම බොහෝම අමාරු වැඩක්. ඒකට හොද දැනුමක් වගේම එඩිතර කමකුත් අවශ්‍යයි.
මසුරන් කතාවක්... හැබැයි මම කියන්නේ තාම ලංකාව තුල හැම දේම මාකටිං වෙන තත්වයකට පත්වෙලා නෑ... හැබැයි ලඟදීම ඕක වෙන්න බැරිත් නෑ...