Monday, February 23, 2009

අන්සතු මල ......


ආදරයේ සොදුරුම තෑන්
හිමින්සෑරේ කියා දුන්න
ඔබේ හිතට ළං වෙන්නට
හෑමදාමත් බලා උනිමි මම...

සෙනෙහස පිරි මගේ හදවත
හෑමදාමත් නුඹටම බව
හෑගුනත් මට දහස් වරෙක
කියාගන්නේ කොහොමද මම...

නුඹ නොදන්න මගේ සිහිනයේ
හෑමදාමත් ඉන්නම් මම
සිරකරගෙන මගේ සෙනෙහස
බලා උන්නු නුඹට දෙන්න...

ඔබේ හිතේ ලෑගුම් ගන්න
නොලද නිසා අවසර මට
දුරින් ඉදන් බලා හිදිමි
අන්සතු මල ......

6 comments:

තාරක සමරණායක said...

කොහොමද මෙච්චර ලස්සනට මේ ටික වචන කලේ?

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

අතීතය මතක් වෙනවා......

Bo said...

හරිම අපූරුවට පද ගලපලා, රිද්මයක් එන විදිහට ලියලා තියෙන්නේ, අහිමි විම් නම් දුකයි. අනුන්ගේ දෙයක් තමන්ගේ කරගන්න හිතන එකත් මෝඩ වැඩක් නේද

malee_msg said...

අනේ මල්ලියෝ..! අන්සතු වුනා කියලා දුක් වෙවි ඉදලා පලක් තියේද?

Charith Weerakkody said...

මූදෙ ඉන්නෙ එක මාලුවෙක් විතරක් නෙමේනෙ මල්ලි.ඔයගොල්ලන්ගෙ බැච් එකෙන් හොද කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්නෙ.එතකොට ඔය ඔක්කොම දුක නැති වෙලා යයි.

H said...

කවිය ලස්සන වුණාට තත්ත්වෙ හරිම භයානකයි... තව දුර ගියොත් ඔයාට කවි ලියන්න බැරි වෙයි. ඒ නිසා අන් සතු නොවන මලක් හොයාගන්න බලන්න. මොකද පිටින් පේන ලස්සන මල් වල නෑ. ඔයා අකමැතිය කියල ඉවත් කරන මලක් හොඳම මල වෙන්න පුළුවන්...