Tuesday, December 30, 2008

වසරක නිමාව…


හ්ම්ම්... 2008 ඉවර වෙන්න ඔන්න මෙන්න... , කොච්චර දේවල් හිතේ තියාගනද මේ අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් හිතාගන උන්නූ දේවල්වලින් 100% ලගාකරගන්න මට වගේම ඔයාලටත් නොහෑකිවෙන්න ඈති, නමුත් අඩුමතරමින් අපි මේ අවුරුද්දේ කරපුදේවල් ගෑන හිතලා සතුටුවෙන්න පුලුවන්නම්, මම හිතන්නේ අපි සාර්තකයී. මම නම් මේ අවුරුද්ද පටන්ගත්තේ ගොඩක් දේවල් හිතේ තියාගන, වගේම හිතපු දේවල් ගොඩක් දුරට සාර්තක කරගන්න පුලුවන් වුනා කියලා මට හිතෙනවා. වගේම පොඩි පසුතෑවිල්ලක් ඈති වෙනවා හරියාකරව ඉටුකරගන්න බෑරි වුනු දේවල් ගෑනත්. තව පොඩ්ඩක් මහන්සි වුනානම් එවත් ඉටුකරගන්න තිබුනා. මොනවා කරන්නද මමත් ඉතින් මනුස්සයෙක්නේ... ඉතින් හෑමදේම වෙන්නේ හොදටයී කියලා හිතාගමු...

පොඩ්ක් කතාකලොත් 2008 ගෑනෑ...

ඉතින් අවුරුද්ද පටන්ගත්තෙම A/L වලින් , මොනවා කරන්නද , මට නම් එපා වෙලා තිබුනේ, එත් බෑහෑයී කියලා බෑහෑනේ... ඉතින් විභාගේත් එක්කම අවුරුද්දෙන් බාගයකටත් වඩා ගෙවිලා ගියා. කොහොම කොහොම හරි එකත් අගොස්තු වෙද්දි ඉවරකරගත්තා, දෑන් ඉතින් ප්රතිපල එනකම් තමයී බලාගෙන ඉන්න වෙන්නේ..., ඔය අතරතුර තමයී අහම්බෙන් වගේ මේ සිංහල බ්ලොග් ලියන්න පුරුදු වුනේ, එකත් දෑන් විනොදාශයක් වෙලා. ඉස්සරනම් මුද්දර එකතු කලා දෑන් එකත් අතරමග. මම හිතන්නේ විනොදාශත් කාලයත් එක්කම යවත්කාලින වෙන්න ඕනා.

විභාගෙන් පස්සේ තමයී මට ADSL සබදතාව ලෑබුනේ. ඉතින් හෑම වෙලේම හිටියේ එලකිරි වෙබ් අඩවියේ. ඔය අතරම තමයී එලකිරි වෙබ් අඩව්යෙ මලි අක්කව හම්බ උනේ. ඉතින් මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක තමයී ඈබ්නොමල් දෙසිතක නොමල් සිතුවිලි. එකත් නරකම නෑති නිසා දිගටම කියෙව්වා. ඉට පස්සේ සම්පත්ගේ සටහන... හ්ම්ම් ඔය විදිහට බ්ලොග් සටහන් ගොඩක් කියෙව්වා. ඉට පස්සේ මටත් හිතුනා ලියන්න. අඩුම තරමින් එක්කෙනෙක්වත් මම ලියන බයීලා කියවයී කියලා හිතුනා. ඉතින් ඔය විදිහට තමයී සිංහල බ්ලොග් ලියන්න පුරුදු වුනේ...

ඉතින් මගේ මුල්ම සටහනට මුලින්ම අදහසක් එක් කරලා තිබුනේ මලී අක්කා, ඉතින් එයාගෙන් පටන් ගත්තු අදහස් දක්වන පිරිස මේ වෙද්දි ගොඩක් වෙලා. වගේම "මරනය" , "ශාකුන්තල" , " ආගන්තුකයා " ඈතුලු මගේ අදහස් කියවන හෑමදෙනාටම මම ස්තුතිය පුද කරනවා. අනේ හෑමොගෙම නම් සදහන් කරන්න බෑරි වුනාට සමාවෙන්න.

ඉතින් කතන්දරේ ඔහොමයී. අපි බලමු ඉලග අවුරුද්දේ මොනවා වෙයීද කියලා....



Tuesday, December 23, 2008

සුබ නත්තලක්...

ඔන්න හෑම දෙනාටම ලබන්නා වු නත්තල සුබම සුබ නත්තලක් වේන්න ඕනෑ...


Friday, December 19, 2008

නත්තලට පෙර...

දෑන් නම් නත්තලට හුගක්ම කිට්ටුයී, එක නිසා ගෙදර වෑඩ ගොඩගෑහිලා , මගේ කාමරේ අස් කරන එක තමයී අමාරුම වෑඩේ , කමක් නෑහෑ අවුරුද්දට එක වතාවක් හරි එකත් අස්පස් කරන්න එපායෑ... , මගේ උසස් පෙල කරපු පොත් ටික ඔක්කොම පොත් රාක්කේ ගොඩ ගෑහිලා එක දෑක්කම පුදුමත් හිතෙනවා එච්චර පොත් කන්දක් පාඩම් කලේ කොහොමද කියලා ! . ගෑන පසේ කතා කරමු.


නත්තලට කියලා මුලින්ම කරන්න ඕනා නත්තල් ගහ හදන එක . ඉස්සර නම් කොහෙන් හරි සයීප්රස් ගහක් ගෙනල්ලා තමයී නත්තල් ගහ හෑදුවේ , දෑන් නම් ඉතින් ප්ලාස්ටි නත්තල් ගහක් තමයී පාවිච්ච් කරන්නේ. එකේ කිසිම ගතියක් නෑහෑ , අඩුම ගානේ නත්තල් සුවදවත් නෑහෑ . මොනවා කරන්නද , එකවත් සරසලා ගේදර සාලෙන් තියනවා මිසක. විදුලි බුබුලු ටිකකකුත් එකතු කරලා ගත්තම ලස්සනට තියෙවි. පොඩි කාලේ නම් කාඩ්බොඩ් වලින් නත්තල් සෑරසිලි හදලා ගසේ එල්ලුවා දෑන් නම් එවට කොහෙද වෙලාවක්.

ඉලගට තියන වෑඩේ තමයී ගවලෙන හදන එක . එකනම් ටිකක් අමාරුයී ( මොකො ප්ලාස්ටික් එවා නෑහෑනේ ) ලි වලින් තමයී හදන්න තියෙන්නේ. කොහොමහරි එකත් හදලා පිදුරු වලින් සරසන්න ඕනා . දෑන් ඉස්සර වගේ පිදුරු හොයාගන්නත් හරිම අමාරුයී. හෑම තෑනම ඈව්දලා තමයී එක හොයාගන්න ඕනා. පොඩිකාලේ නම් වි ඈට පෑල කරලා පුංච් ගොයම් ගස් පෑල කරලා ගවලෙන සෑරසුවා , එතකොට නම් හරිම ලස්සනයී දෑන් නම් එ වෑඩ කරන්න වෙලාවක් නෑහෑ.

ඉස්සර නම් දහම් පාසල් විභාගේ ලියලා මේ වෙද්දි තෑගි හම්බවේලත් ඉවරයී. එත් දෑන් කොහේද දහම් පාසල් !

ඉතින් ඔය වෑඩ ටික තමයී මේ දවස් වල කරන්නේ. පස්සේ තව විස්තර කියන්නම්. තවම නත්තල් නෑහෑනේ...




Monday, December 15, 2008

දිවුල් අච්චාරු...

අච්චාරු ගෑන ලියවුනු බ්ලොග් සටහන් ගොඩක් තියනවා. ඉතින් මටත් පොඩි සටහනක් යොදන්න හිතුනා.ඉතින් මේ අච්චාරු හෑදුනෙ මෙහෙමයී...


ගිය සෙනසුරාදා අපි කට්ටිය එකතු වෙලා පොඩි ක්‍රිකට් පාරක් දෑම්මා. පටන් ගද්දි 10 ට විතර ඈති, එත් ඉවර වෙද්දි 2.30 ට කිට්ටුවෙන්න ලංවෙලා තිබුනේ , එ අස්සේ පොඩි බඩගිනකුත් සෙට් වුනා... ඔයින් මෙයින් මතක් උනා ලග වත්තක දිබුල් ගහේ දිබුල් ඉදිලා කියලා, ඉතින් කට්ටියත් එක්කම වෑටෙන් රිංගලා වත්තට පෑන්නා , එකෙක්ව මුරට තිබ්බා අහුවුනොත් මල ජුලියයි...!!! , එ අස්සේ අඹ ගහක අඹත් තියනවා, කොහොමහරි පොලු ගහලා දිවුල් කඩන්න අමාරුයී , දිවුල් නෑටිට හයිය හින්දා ලෙසියෙන් කෑඩෙන්නෑ , කොච්චර ඉලක්කයට ගෑහෑව්වත් ගෙඩියක් කඩාගන්න අමාරුයී , ඉතින් ගහටම නෑගලා තමයී කඩන්න ඔනා... , ඉතින් දිබුල් ගෑන තිබුනු ආසාව අත්හෑරලා අඹ ගහ සුද්දකරන්න පටන්ගත්තා , අඹ වල්ලකට හරියටම පොලුපාරක් වෑදුනොත් ගොඩ ගෙඩි 5 විතර ශුවර් , කොහොමහරි දන්න වෑඩ ඔක්කම දාලා ගෙඩි 20 විතර කඩාගත්තා . හොද වෙලාවට වත්තෙ අයිත්කාරයා ආවේ නෑහෑ. ඉට පස්සේ අඹ ගෙඩි හොදන්නෙවත් , ලෙලි අයින් කරන්නෙවත් නෑතිව ලුණුත් එක්ක කෑවා. එකත් මාර පාර , මෙහෙම කද්දි කඩෙන් අරන් කනවට වඩා ගතියක් තියනවා. කාලා ඉවරවෙද්දි 4.00 යී . දවල් කෑමට ඉඩකුත් නෑහෑ අඹ ගෙඩි 3 විතර කාපුවම. කොහොමහරි එ අඹ ගහත් ඉවරයී... ලබන සෙනසුරාදා කොහොමහරි අර දිවුල් ගහට වෑඩේ දෙන්න ඕනා....

ඔන්න ඔහොම තමයී දිවුල් අච්චාරු අඹ අච්චාරු වුනේ...

Tuesday, December 09, 2008

සමනල වෑව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඈවිත්...

ඉතින් අපේ අම්මලෑ ඉස්කොලේ වාර්ශික ගුරුසමිතියේ චාරිකාව යෙදි තිබුනේ රත්නපුරයට ගිය සෙනසුරාදා .ඉතින් මමත් අපේ අම්මත් එක්ක එකතු උනා. ගෙදර ඉදලා කරන්න වෑඩකුත් නෑහෑනේ. ඉතින් ගමනාරම්භය තිබුනේ උදේ 5.30 ට මිගමුවෙන්. ගියේ ලොකු බස් එකක. ඉතින් මිගමුවේ ඉදලා මිනුවන්ගොඩට ඈවිල්ලා එතනින් නිට්ටබුවට , ඉට පස්සේ අවීස්ස්සාවේල්ලට එතනින් ඈහෑලියගොඩට ඈවිල්ලා එතනින් කුරුවිටට ඈවිල්ලා තමයී අපි රත්නපුරයට ආවේ . රත්නපුරයෙදි මුලින්ම බෑලුවේ මහ සමන් දේවාලය ( නම හරියට මතක නෑහෑ වෑරදිනම් කියන්න ) . ඉටපසේ ගියේ බලන්ගොඩට දුවිලි ඈල්ල බලන්න , දුවිලි කිව්වට කිසිම දුවිල්ලක්නම් දෑක්කේ නෑහෑ . එක බලන්න යන්නත් හරිම අමාරුයී . බස් එකේ යන්න අමාරු හින්දා කට්ටිය පයීන්ම තමයී දුවිලි ඈල්ල බලන්න කදුපාමුලට ගියේ, වාහනයකින් ගියානම් ටික දුරක් අඩු වෙනවා . කොහොම උනත් කිලොමිටරයක් විතර පහලට බහින්න ඕනා.

ඉට පස්සේ ගීයේ සමනල වෑව වියාපෘතිය බලන්ට. සමනල වෑව වේල්ල බලන්න එපායෑ හරිම විසාලයී , එවගේම හරිම ලස්සනට නිමකරලා තියනවා . එදා හරියට වෑස්ස , එක නිසා බලන්ඩ හරියට හම්බ උනේ නෑහෑ . කොහොම උනත් එක වාන් දොරටුවක් විවුර්ත කරලා තිබුනා. එතකොට තමයී බෙලිහුල් ඔය දෑක්කේ. කොහොම උනත් එතකොට වේලාව සවස 4 ට විතර ඈති . වෑස්ස හින්දා මිදුමත් තිබුනා . හරිම ලස්සනයී අවට පරිසරය. කට්ටියනම් කිව්වේ සමනල වෑව වියාපෘතිය අසාර්තක එකක් කියලයී. වේල්ලේ සිදුරක් තියනවලු....

අපි එතෑනටත් සමුදිලා පිටත් වේද්දි මුලින්ම හම්බ උනේ සබරගමුව සරසවිය. හප්පා බලන්ඩ වටිනවා කදුවලින් වටවෙලා , හෑන්දෑවේ හින්දා මුලුසරසවියම මිදුමෙන් වෑහිලා හරිම ල්ස්සනේ බෑහෑ. එකේ ඉන්න කට්ටියටනම් මරු . හවසට පාඩම් කරන්න එහේම :-) . . ඉට පස්සේ මගදිගට දෑක්කේ LEARN වියාපෘතිය මගින් සරසවියට දිලා තිබුනු දත්ත හුවමාරුවට යොදාගත් කේබල. එක පිලිබදවනම් හරියටම දන්නේ නෑහෑ. මගදි දෑක්ක පුවරුවක් නිසයී එහෙම කිව්වේ...

කොහොම කොහොම හරි අපි දවල් කෑම ගන්න හිතාගෙන හිටපු තෑනට එද්දි වේලාව සවස 5.30 යී . එතකොට තමයී අපි දවල් ආහාරය ගත්තේ. එකත් නරකම නෑහෑ. ඉට පස්සේ ගේදර එන්න පිටත් වෙනකොට වේලාව 6 යී . ආපහු එනකම්ම බස් එක ඈතුලේ සින්දුම තමයී.ඔයීන් මේයීන් කටුනායකට එනකොට වේලාව පාන්දර 1 ට විතර ඈති. හ්ම්ම් එ ගමනත් නරකම නෑහෑ.....

Tuesday, December 02, 2008

යලිත් වසන්තය...

යලිත් වසන්තය ලගදි කියවපු පොත් අතුරින් වඩාත් හිතගත්තු පොතක් . එහෙම උනේ ඈයී කියලා කියන්න නම් මම හරියටම දන්නෑ , එ උනාට හරිම ලස්සන පොතක්. චන්ද්‍රසේකර මල්වාරච්චි කියන මහත්මයා තමයී මෙක ලියලා තියෙන්නේ.

කතාව කොයී වගේද කියලා හිතාගන්න පුලුවන් නේද , පොතේ නම කියෙව්ව ගමන්ම . නමුත් මම කතාව පොඩියට කියන්නම් .මේ කතාවේ හමුවන පෙම්වතියට තමුන් ගොඩක් ආදරය කරපු තමුන්ගේ පලමුවෙනි පෙම්වතාව අහිමි වෙනවා . දෙදෙනාම ත්මුන්ගේ ආදරය අනිකාට ප්‍රකාශ කිරිමට අසමත් වෙනවා . එ බයටද , ආදරයටද , ලෙන්ගතු කමටද කියන්න මම දන්නෑ , නමුත් මෙවිදිහට ආදරය සගවාගෙන දෙදෙනා බොහෝ කාලයක් සිටිනවා. මේ අතරම පෙම්වතියට තමුන්ගේ දෙමාපියන්ගේ කමෑත්තට අනුව වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වෙන්නට සිදුවෙනවා, නමුත් අවාසනාවකට වගේ ඈගෙ විවාහය අසාර්තක එකක් බවට පත්වෙනවා. මේ අතර නෑවතත් ඈයට තමුන්ගේ පලමු පෙම්වතාව හමුවෙනවා . පසුගිය සිදුවිම් සියල්ල අමතක කරලා , මේ දෙදෙනා නෑවත ආදරයෙන් එක්වෙනවා. ඔය සිදුවිම් අතර ගොඩනෑගුනු අපුරු ආදර කතාවක් , මොනතරම් භාදක තිබුනත් , කොතරම් කල් ගතවුනත් , සෑබෑ ආදරය කවදා හරි ජයගන්නවා , එ වෙනුවෙන් මේ පෙම්වතුන් යුවල ඕනතරම් කාලයක් බලාන ඉන්නවා , කතාවෙ හරය එකයී...

ඉතින් ඔයාලත් වේලාවක් හම්බ උනාම කියවලා බලන්න...